25 C
Colombo
Saturday, December 9, 2023

ක්‍රිකට් ආයතනයේ නිවේදන නිසා මගේ වරප්‍රසාද කඩ වෙලා-සජිත් ප්‍රේමදාස

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදන නිසා තම වරප්‍රසාද කඩවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට අද වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරමින් සඳහන් කර සිටියා.

සජිත් ප්‍රේමදාස මහතා පවසවන්නේ සමගි ජන බලවේගයේ නායකත්වය අනවබෝධයෙන් සහ සාවද්‍ය ලෙස අර්ථ කථනය කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් කර ඇති බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය , ආදී සංගම් ක්‍රියා කරන ආකාරය ගැන ක්‍රිකට් ගැන නොදත් අය කටයුතු කරන ආකාරය ගැන සානුකම්පිත වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විවේචන කරන යම් අයෙක් වේ නම් ඔහු විසින් පදනම් විරහිත චෝදනා කිරීමට පෙර බුද්ධිමත්ව අදාල කරුණු සලකා බලන ලෙස ඉල්ලන බවද ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.

ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ක්‍රියා කරන බව තමා මීට පෙර ද වගකීමෙන් ප්‍රකාශ කොට තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...