ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සමඟි ජන බලවේගය පක්ෂය සමඟ අත්වැල් බැඳ ගැනීමට තීරණය කර තිබෙනවා.
සමඟි ජන බලවේගයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා එක් වෙමින් නාලක ගොඩහේවා මහතා මේ බව ප්‍රකාශ කළා.
ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ඇතුළුව නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් විපක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයක් සඳහා සහය ලබා දීමට තීරණය කර ඇති බව නාලක ගොඩහේවා මහතා මෙහිදී පෙන්වා දුන්නා.
ඒ වෙනුවෙන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා වට කීපයක්ම පැවැත්වීමට කටයුතු කළ බවත් ඔහු සමඟ එක්ව කටයුතු කිරීමට එහිදී එකඟතාවයක පැමිණි බවත් නාලක ගොඩහේවා මහතා තවදුරටත් සඳහන් කළා.