32 C
Colombo
Saturday, March 22, 2025

නාලක ගොඩහේවාගෙන් වෙරළ සංරක්ෂණ විෂය ගලවා මොහාන්ට දෙයි

- Advertisement -

රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙවා.

ඒ අනුව පසුගියදා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පත්වීම ජුලි මස 08 වන දින සිට ක්‍රියාත්මක වන බව අදාළ ගැසට් නිවේදනයේ සදහන්.

නව සංශෝධනයට අනුව මෙතෙක් වෙරළ සංරක්ෂණ විෂය භාරව සිටි නාලක ගොඩහේවා මහතාගෙන් එම විෂය ඉවත් කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා හට ලබදී තිබෙනවා.

ඒ අනුව මොහාන් ප්‍රියදර්ශන මහතාගේ නව රාජ්‍ය අමාත්‍ය ධූරය වනුයේ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධූරයයි.

විෂයක් අඩුවූ ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ නව රාජ්‍ය අමාත්‍ය ධූරය වන්නේ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයයි.

එමෙන්ම ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැලසුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක්

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කරුණු කිහිපයක්...

කියපු තරම් අඩු නොවන වාහන මිල

වාහන ආනයනයේදී දැනට පවතින බදු මිල ලෝකයේ අන් කිසිඳු රටකට වඩා ඉතා ඉහළ බවත් ඒ අනුව වාහන මිල අධික ලෙස ඉහළ යන බවත...

පාතාල නායකයින්ගේ නම් කියලා ලක්ෂ ගණන් මුදල් ගරලා

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ඉල්ලන කල්ලියක් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිලි 25ක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස මාතර, දෙයියන්දර ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට...

POPULAR ARTICLES