25.6 C
Colombo
Saturday, July 19, 2025

කෝප් කමිටුවට නාමල්ගෙන් චෝදනා

- Advertisement -

බහුතරයක්ම මාධ්‍ය සංදර්ශන තිබෙන්නේ කෝප් කමිටුවේ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, කෝප් කමිටුව රියැලටි ෂෝ එකක් පමණක් බවත් ඊට තීන්දු ගන්න බලයක් නැති බවයි.

එය වත්මන් ආණ්ඩුවේ කෝප් කමිටුවේ පමණක් නොව, ඉතිහාසයේ සිටම ඒ ආකාරයෙන් කටයුතු කර ඇති බව ඔහු එහිදී කියා සිටියා.

ඒ අනුව එහිදී රාජ්‍ය නිලධාරීන් ගෙනැවිත්, එකම ප්‍රශ්නය දෙතුන් වතාවක් විමසන බවට පැවසූ නාමල් රාජපක්ෂ මහතා නිලධාරීන් අපහසුතාවයට පත්කර මාධ්‍ය ඉදිරියේ ලැජ්ජාවට පත්කරන බව සඳහන් කළා.

එමෙන්ම පරීක්ෂණයක් සිදු කිරීම ගැටලුවක් නොවුනද, පරීක්ෂණ සිදුකරන මුවාවෙන් යම් නිලධාරියෙක් අපහසුතාවට පත් කිරීමට අවශ්‍ය නම් හෝ එම නිලධාරීන් අපහසුතාවයට පත්කර තමන්ගේ දේශපාලන වුවමනාව ඉටු කර ගැනීමට රාජ්‍ය නිලධාරීන් පරිවර්තනය කිරීමට උත්සාහ කරන්නේ නම්, එය සාධාරණ නොමැති බවද නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ, කෝප් කමිටුව වසර ගණනාවක් තිස්සේ වාර්තා ඉදිරිපත් කළද, ඔවුන්ට තීන්දුවක් ගැනීමට බලයක් නොමැති බවත්, අවසානයේදී එය ප්‍රශ්න අසන, මාධ්‍ය සංදර්ශන තබන, නිලධාරීන් අපහසුතාවයට පත්කරන ‘රියැලිටි ෂෝ එකක්’ පමණක් බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා:

“අවුරුදු අටක් තිස්සේ හරකෙක් ගේන්න ප්ලෑන් කරනවා.මේ පාරම්පරික ගතානුගතික පරණ ප්‍රසම්පාදන ක්‍රමවේදය ඉවත් කරන්න.එහෙම නැතිනම් හැමදාම විවාද කර කර ඉන්න වෙනවා.වැඩිපුරම මාධ්‍ය සංදර්ශන තියෙන්නේ කෝප් කමිටුවේ. ඉතිහාසයේ ඉඳන් එහෙමයි. රාජ්‍ය නිලධාරීන් ගේනවා. ප්‍රශ්න අහනවා.

නිලධාරීන් අපහසුතාවයට පත් කරනවා.දේශපාලකයන් කණ්ඩායමක් එකතු වෙලා දෙන්නම් වැඩේ කියලා නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහනවා.පරීක්ෂණයක් කරනවා නම් ඒ ආකාරයට පරීක්ෂණ කරන්න පරීක්ෂණ කරන මුවාවෙන් නිලධාරීන් අපහසුතාවයට පත් කරන්න එපා”

RECENT ARTICLES - SINHALA

රුවන්වැල්ලේ ගමනාගමනය සීමා කෙරේ: රියදුරන්ට නිවේදනයක්

සීතාවකපුර කොට්ඨාසයේ රුවන්වැල්ල පොලිස් වසමේ පිහිටි යටන්වල ස්වර්ණ වලුකාරම විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන්  අද (19) එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. අද...

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

POPULAR ARTICLES