24.5 C
Colombo
Tuesday, June 17, 2025

ලැබුන තුන ගැන නාමල් සතුටින්

- Advertisement -

වඩා වැදගත් වන්නේ පරාජයේ ප්‍රමාණය නොව නැවතත් නැඟී සිටිමේ ප්‍රමාණය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ ජනතාව රටේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව ඡන්දය පාවිච්චි කර තිබෙන බවයි.

බලය ලබාගැනීම වෙනුවෙන් අඳින ඇඳුම පවා වෙනස් කිරිමේ තැනක තමන් නොමැති බවත් ජනතාව නොබොදිනකින් තම ප්‍රතිපත්ති අනුමත කරන තැනකට පැමිණෙන බව පැවසු නාමල් මහතා,

“මම නියෝජනය කළේ මේ රටේ ජාතික කඳවුරේ මතවාදය. ඒ මතවාදය ආරක්ෂා කරන්න මම පෙනී හිටියා. මම අදටත් සතුටු වෙනවා, ආඩම්බර වෙනවා සහ ඉදිරියේදීත් මම ඒ මතවාදය ආරක්ෂා කරනවා. ඒ වගේම ජනතාව තීන්දුවක් අරගෙන තියෙනවා, ඒ තීන්දුවට අපි හිස නවනවා. ඒ වගේම අපි සුබ පතනවා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාටත් එතුමා පිහිටුවන ආණ්ඩුවටත් එතුමන්ලා ලබාදුන්නු ඒ පොරොන්දු ඉෂ්ට කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඒක තමයි රටේ ජනතාවගේ බලාපොරොත්තුව. හොඳ ඕනෑම දෙයකට, අපේ ප්‍රතිපත්ති එක්ක ගැලපෙන, රටට ගැලපෙන ඕනෑම දෙයකට අපි සහයෝගය ලබාදෙනවා. ඒ වගේම තමයි ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත්ව මුහුණ දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් අපේ මැතිවරණ ව්‍යාපාරය තුළත් අපි සමාලෝචනයක් කරන්න ඕනෙ මොකක්ද වුණේ කොතනද අපට වැරදුණේ කියන එක .මං හිතන්නෙ දරුණුද නැද්ද කියන කාරණය අදාළ වෙන්නෙ නෑ. මොකද ජයග්‍රාහකයෝ එක්කෙනායිනෙ ඉන්නෙ. ඉතින් පරාජය වෙන අය පරාජය වෙලා තියෙන්නෙ. හැබැයි වැදගත් කාරණය තමයි අපි මේකෙන් උගත යුතු පාඩම. අනිත් පැත්තෙන් 3% ජයග්‍රහණය කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒ හින්දා පරාජයේ ප්‍රමාණයට වඩා අපි නැගිටින ප්‍රමාණය තමයි වැදගත්. ඒ හින්දා ලැබිච්ච ඡන්ද ප්‍රමාණය මම පරාජයක් විදියට දකින්නෙ නෑ. ඒක ජනතා මතයක්.

මං හිතන්නෙ ජනතාව පණිවිඩයක් දීලා තියෙනවා මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් එහාට ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. ඒක සියලු දෙනාටම බලපාන කාරණයක්. ඒ පණිවිඩය අපි ගත යුතුයි. ඒ වගේම තමයි එතැනදී රටේ ජනතාවගේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් අපි අවධානය යොමුකරන්න ඕනෙ, ඒ වගේම ප්‍රායෝගිකත්වය පිළිබඳව. ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න තාම කල් මදි.මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලිවම සතුටු වෙනවා අපි අභියෝගයක් භාර අරගෙන මතවාදයක් වෙනුවෙන් පෙනී සිටියා කියන එකට. මොකද අපිට තීන්දු දෙකක් ගන්න පුළුවන් නෙ. එකක් අපි රැල්ලට ගිහිල්ලා දිනන පැත්තට ගිහිල්ලා හැමදාම පිල් මාරුකරගෙන මතවාද වෙනස් කරගෙන ඉන්නවාද, එහෙම නැත්නම් අපි විශ්වාස කරන කාරණය ආරක්ෂා කරගෙන ඒ ප්‍රතිපත්තිවලට සටන් කරනවාද කියන එක. මගේ දේශපාලනය අපි විශ්වාස කරන ප්‍රතිපත්ති ආරක්ෂා කරන එක මිසක් හැම ආණ්ඩුවකම මම ඇමතිකමක් ගන්න, අගමැති වෙන්න ජනාධිපති වෙන්න සූදානම් බලය දෙනවා නම් මේ රට බෙදලා විකුණලා ඕනෙ එකක් කරලා බලය බලාගන්න ලෑස්තියි, එහෙම නැත්නම් බලය ලබාගැනීම වෙනුවෙන් මම අඳින ඇඳුම පවා වෙනස් කරන්න ලෑස්තියි කියන තැනක මම නෑ. මට විශ්වාසයි නොබෝ දිනකින් ජනතාව අපේ ප්‍රතිපත්ති අනුමත කරන තැනකට එනවා”

RECENT ARTICLES - SINHALA

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...