පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (14) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදු කෙරුණා.
ඇප මුදල් තැන්පත් කිරීම පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් විසින් සිදු කරනු ලැබුවා.
මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.