ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගනු ලැබූවේ ගොං තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා.
අවසන් මොහොතේ හෝ ඔහු ජනපති සටනින් ඉවත් වුවහොත් එය බුද්ධිමත් තීරණයක් බව පැවසු ඒ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රී රැස්වීමේ දී කැමති අයෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන ලෙසට පැවසු බවද සඳහන් කළා.
රනිල් සහ සජිත් පමණක් මෙවර ජනපති සටනේ කරට කර සිටින බවත් නාමල් සිටින්නේ දිලිත් ජයවීර මහතාටද පහළින් බවත් එස්.බී දිසානායක මහතා පවසනවා.
තවදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසුවේ ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කරමින් රට නගා සිටුවීමේ හැකියාව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවයි.