30.6 C
Colombo
Sunday, July 13, 2025

ඩොලර් බිලියන 180ක ආර්ථිකයක් හදන නාමල්

- Advertisement -

තමන්ගේ ඉලක්කය ඉදිරි අවුරුදු 5ක කාලය තුළ දකුණු ආසියාවේ බැංකුකරණය සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කිරීමට බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

ලෝකයේ ඉහළ පෙලේ සිටින ආයෝජකයින් ලංකාවට ගෙනවිත් රටේ දරුවන්ගේ රැකියා ප්‍රශ්නයට මෙන්ම ඩොලර් බිලියන 180 ඉක්මවූ ආර්ථිකයක් දක්වා රට පරිවර්ථනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිම බව තවදුරටත් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා පැවසුවා.

“කොළඹ වරාය නගරය බොහෝ අය හිතුවේ ගොඩනැගිලි හදන්න කියලා නෑ… ඒක ගනුදෙනු වලට කේන්ද්‍රකරගත් මධ්‍යස්ථානයක්. අපිට වුවමනාව තියන්නේ ලෝකේ සමාගම් තමන්ගේ බැංකුකරණයට, ගනුදෙනුකරණයට පොර්ට් සිටි එක පාවිච්චි කරන්න.තාක්ෂණ ගම්මාන 5 සූරියවැව, යාපනය එක්ක ඒ මධ්‍යස්ථාන 7ත් පොර්ට් සිටි එකට සම්බන්ධ කළහම පොර්ට්සිටි එකේ ප්‍රතිලාභ බස්නාහිර පළාතට කොළඹට, ගම්පහට, මිනුවන්ගොඩට වගේම ගාල්ලට, සූරියවැවට, දඹුල්ලට, කුරුණෑගලට, යාපනයට, නුවරට, නුවරඑළියේ දරුවන්ටත් ලැබෙන්න අපි හදලා දෙනවා.අපේ ඉලක්කය මොකක්ද? අපේ ඉලක්කය තමයි දකුණු ආසියාවේ බැංකුකරණයේ සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය විදිහට ඊළඟ අවුරුදු 5 ඇතුළත කොළඹ වරාය නගරය පරිවර්ථනය කරනවා කියන එක.තවත් පැත්තකින් අපේ ආර්ථිකයට වාසි ලබා දෙන්න පුළුවන් ප්‍රතිපත්ති තීන්දු මත ලෝකේ ඉහළ පෙලේ ආයෝජකයෝ අපේ රටට ගෙනල්ලා මේ රටේ දරුවන්ගේ රැකියා ප්‍රශ්නයට වගේම අපේ ආර්ථිකය ඩොලර් බිලියන 180 ඉක්මවූ ආර්ථිකයක් දක්වා පරිවර්ථනය කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා”

RECENT ARTICLES - SINHALA

තෙල් සේවකයින් 3750කුත් එළියට දැමිමේ සුදානමක් – ආනන්ද පාලිත 

විදුලි බිල සහ ඉන්ධන මිල ගණන් අඩුකිරීමට අවස්ථාව තිබියදීත් රජය හිතාමතාම මේ මිල ගණන් ඉහළ මට්ටමක පවත්වාගෙන යාම තුළ, අධික වියදම් දරාගැනීමට නොහැකිව කර්මාන්තශාලා...

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

POPULAR ARTICLES