24 C
Colombo
Saturday, May 24, 2025

නාමල්ගේ නඩුවකට දින දීලා

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පෙරබරවාරි මස 13 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ මෙම පැමිණිල්ල අද (05) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුවයි.

නාමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය සමයේ මෙම පැමිණිල්ල ඉදිරිපත්ව තිබුණා.

එහිදී විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම විමර්ශනයට අදාළ උදෘත සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

එහිදී නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය අධිකරණය ඉදිරියේ දැනුම් දී තිබුණා.

පසුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 13 වැනිදා යළි කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදලා

ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,ආගමන විගමන පාලක ජනරාල්වරයා...

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් අනූදහසක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ...

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

POPULAR ARTICLES