24 C
Colombo
Sunday, January 19, 2025

නාමල්ගේ නීති උපාධිය ගැනත් පරීක්ෂණයක්

- Advertisement -

නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති, ජාමුනි සමන්ත තුෂාර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ඔහු පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වංචනිකව නීතිවේදී විභාගයට පෙනී සිට නීතිවේදී උපාධිය ලබාගෙන ඇති බවයි.

එදිනම නීතිවේදී විභාගය සඳහා පෙනී සිටි, මේ වනවිට විදේශගතව සිටිනා තරුණයෙකු විසින් එවකට නාමල් රාජපක්ෂ මහතා මෙලෙස වායුසමනය කළ තනි කාමරයක අසුන් ගෙන, විභාගයට පෙනී සිටීම සම්බන්ධව රටේ සියළුම වගකිවයුතු අංශ වෙත පැමිණිලි කර තිබෙන බව ජාමුනි සමන්ත තුෂාර පවසා සිටිනවා.

නමුත් එම සෑම ස්ථානයකින්ම අදාල පැමිණිල්ල හෝ සටහන් කර නොගෙන එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුව අදාල තරුණයා පැහැර ගැනීම්වලට පවා ලක්වී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා රටින් පිටවී ඇති බවත්, මේ වනවිට එම තරුණයා ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙනා පරීක්ෂණ සඳහා සාක්ෂි ලබාදීමට සූදානමින් සිටිනා බැවින් එම සාක්ෂි ලබාගෙන විධිමත් පරීක්ෂණයක් සිදුකරනා ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

‍මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අතර...

POPULAR ARTICLES