33 C
Colombo
Friday, March 29, 2024

ගාස්තු රහිත ඇප් එකක් දරුවන්ට දෙනවා කී නාමල්ගේ පොරොන්දුවට මාස තුනක්. තාම ඇප් එක නැහැ.

- Advertisement -

ඩේටා ගාස්තු වැයවෙන Zoom යෙදුම (App) වෙනුවට දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යොදාගැනීම සඳහා ගාස්තු වැයනොවන යෙදුමක් ලබාදෙන බවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය ජුනි මස 08 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අධ්‍යාපනය සම්බන්දයෙන් ගැටළුවක් ඉදිරිපත් කරමින් එදින සඳහන් කළේ බොහෝ නිවාසවල එක පවුලකට එක ජංගම දුරකතනයක් ඇති පසුබිමක දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි දෙනෙක් සිටින පවුලක දරුවන් හට Zoom යෙදුම (App) හරහා පන්ති පැවැත්වීමේදී අපහසුතාවයට පත්වන බවයි.

එම නිසාවෙන් අදාළ ඔන්ලයින් පන්ති පටිගත කර Youtube හරහා දරුවන්ට පසුව ඉගෙන ගැනීමේ ක්‍රමවේදයක් සකසන ලෙසට මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියා.

ඊට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ මෙම තත්ත්වය පිළිබදව විදුලි සංදේශ නියාමන කොමිෂම. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය හා අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවයි.

ඒ අනුව Zoom යෙදුම (App) වෙනුවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය විසින් සකසන ලද නව යෙදුමක් (App) ඇති බවයි.

එය කිසිදු ඩේටා වැයවීමකින් තොරව දරුවන්ට භාවිතා කිරීමේ ක්‍රමවේදයක් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් සකසා ඇති බවත් එය තවත් සති කිහිපයකින් ලබාදීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ ප්‍රකාශය සිදුකර මේ වන විට මාස තුනක කාලයක් ගතව ඇතත් මේ වන තෙක් ඩේටා ගාස්තු රහිත එම යෙදුම දරුවන්ට ලැබීමට සලස්වා නැති තත්ත්වයක් උදාවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...