24 C
Colombo
Sunday, February 16, 2025

අනුරගේ ප්‍රකාශයට නාමල්ගෙන් උත්තර

- Advertisement -

ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, මහින්ද රාජපක්ෂගේ නිල නිවස යළි රජයට පවරාගෙන, පනතට අනුව මාසිකව රුපියල් තිස්දහසක මුදල වන ජනාධිපතිවරයාගේ වැටුපෙන් තුනෙන් එකක මුදලත් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්.

නිල නිවස ව්‍යවස්ථානුවකූලව ඔහුට හිමිව ඇති බව ද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.

මන්ත්‍රීවරයා අවධාරණය කළේ නිවස අවශ්‍ය බවට ලිඛිතව ඉල්ලීමක් සිදු කළ යුතු බවයි.

එලෙස සිදු කරන්නේ නම් ඕනෑම මොහොතක මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවාස භාරදෙනු ඇති.

මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි නිල නිවසින් ඉවත් කොට තංගල්ලට යැවූ පසුව රටේ හාල්, පොල්, ලුණු හිඟකම් ඇතුළු රටේ ප්‍රශ්න විසඳී ජනතාව සතුටින් සිටී නම් තම පවුලට ද එය සතුටක් බව නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.

ගුරු නිවාසයේ සිට ඉහළ පෙළේ නිලධාරී අති විශාල පිරිසකට රජයෙන් නිල නිවාස ලබාදී තිබෙනවා.

ඒ හේතුවෙන් ඉදිරියේදී ඔවුන්ගේ නිල නිවාස මාසික කුලිය තක්සේරු කිරීමට ද රජය කටයුතු කරනු ඇති බවත්, ඉදිරියේදී ඒ සියල්ලන්ටම ද මෙය බලපානු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES