29.7 C
Colombo
Thursday, April 25, 2024

හොඳටම සල්ලි අච්චු ගහපු නන්දලාල්

- Advertisement -

2022 ජුනි 17 වැනිදා දක්වා වූ දින 73ක මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලයේ කාල සීමාව තුළ රුපියල් බිලියන 316ක මුදලක් මුද්‍රණය කර තිබෙනවා.

එම කාලය තුළ දිනකට මුදල් අච්චු ගැසූ සාමාන්‍ය අගය රුපියල් බිලියන 4.3කි. (මෙය ලක්ෂ්මන් හෝ කබ්රාල් ගේ ධුරකාලයන් තුළ මුද්‍රණය කල මුදල් ප්‍රමාණය මෙන් දෙගුණයකි)

මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් ඔහු මුද්‍රණය කර තිබෙන්නේ, තමා රජයෙන් අතිශයින් ස්වාධීන වූ ප්‍රතිපත්තියක් අනුගමනය බව ප්‍රකාශ කිරීමෙන් පසුව බවත්, පෙර නොවූ විරූ ලෙස 7% කින් පොලී අනුපාත වැඩි කිරීමෙන් පසුව බවත් අවධාරණය කළ යුතුය. එසේම, ඔහු 2022 අප්‍රේල් 12 වන දින සිට ශ්‍රී ලංකාව තම විදේශ විනිමය ණය පැහැර හැරීම පිළිබඳව නිවේදනය කිරීමෙන් පසු, විදේශ ණය පියවීමට විදේශ විනිමය මිලදී ගැනීමට මුදල් අවශ්‍ය වී ද නැති බව ද සිහිපත් කළ යුතුය.

එය එසේ වන විට, 2020 මාර්තු 12 සිට 2021 සැප්තැම්බර් 14 දක්වා කොවිඩ් ව්‍යාප්තියෙන් පසු මහ බැංකු අධිපති W.D ලක්ෂ්මන් මහතාගේ ධුර කාලයෙන් දින 551 ක් තුළ දී මුද්‍රණය කර ඇති මුදල රුපියල් බිලියන 1,206 කි. එනම්, සාමාන්‍යයක් ලෙස දිනකට රුපියල් බිලියන 2.2 ක් ලෙස මුද්‍රණය කර ඇත.

තවද, කබ්රාල් අධිපතිවරයා ලෙස කටයුතු කළ 2021 සැප්තැම්බර් 15 සිට 2022 අප්‍රේල් 5 දක්වා දින 203 ක කාලය තුළ දිනකට මුදල් මුද්‍රණය කළ සාමාන්‍ය අගය රුපියල් බිලියන 2.2 බැගින් රුපියල් බිලියන 446 ක ප්‍රමාණයකි. එම දෙදෙනාගේ පාලන කාලය තුළ පොලී අනුපාත 7% කින් අඩුව පැවති අතර විදේශ ණය පියවීමට ද විදේශ විනිමය මිලදී ගැනීමට ද මුදල් වෙන් කිරීමට සිදු විය.

RECENT ARTICLES - SINHALA

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...