30.4 C
Colombo
Wednesday, April 24, 2024

නැනෝ වංචාව: හොරා පවුලෙ උනත් හොරාමයි..!

- Advertisement -

පොහොරවලින් පවා ඇමතිවරුන් ගසාකෑම හේතුවෙන් තමන්වහන්සේටද වාහනයෙන් බැස පාරේ යාමට නොහැකි තත්වයක් උදා වී ඇති බව සිංහල රාවය සංවිධානයේ ප්‍රධාන ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

ඒ, ඊයේ (21) පැවති මාධ්‍ය හමුවවකදී අදහස් දක්වමින්.

මෙරට දැඩි ඩොලර් හිඟයකට මුහුණපා සිටින මොහොතක, ඉන්දියාවේ ඇති වටිනාකමට වඩා වැඩි වටිනාකමකට මෙම නැනෝ නයිට්‍රජන් පොහොර අනායනය කිරීමට කටයුතු කළේ මන්ද යන්න සොයා බැලිය යුතු බවත් මීට සම්බන්ධ පාර්ශව අවීචි මහා නරකාදියේ උපත ලැබිය යුතු බවත් සුදත්ත හිමියන් පවසනවා.

“ජනතාව කබලෙන් ලිපට වට්ටන්න එපා. අහිංසක ගොවියාගේ හීරි මාංශය හූරාකන්න එපා. ඒ අදාල ඇමතිවරයා පවුලේ ඇමතිවරයෙක් වෙන්න පුළුවන්. වෙනත් වෙනත් ඇමතිකෙනෙක් උනත්, මොකෙක්ුනත් හොරා හොරාමයි. ගසා කෑවා නම් ඒකා තක්කඩියාමයි. ඒ නිසා වහාම නීතිය ක්‍රියාත්මක කරන්න” යැයි සුදත්ත හිමියන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම, ශෂීන්ද්‍ර රාජපක්ෂ, මහින්දානන්ද අළුත්ගමගේ යන අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක්ද සිදුකරන ලෙසටත් උන්වහන්සේ ඉල්ලා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

බෝ අත්තක් කොළඹ ප්‍රධාන මාර්ගයකට වැටී අනතුරක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස...

කරාපිටියට අති නවීන CT ස්කෑන් යන්ත්‍රයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම අද (24) සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය...

විවාදයට දින ගන්න සාකච්ඡාවකට එන්න – සජබ

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයක් පැවැත්වීම සඳහා එකඟ වන්නේද යන්න සම්බන්ධයෙන් විමසමින් සමඟි ජන බලවේගයේ මෙහෙයුම්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...