27 C
Colombo
Wednesday, May 18, 2022

නැනෝ ගැහිල්ලක් ගැන මහින්දානන්ද පිළිගනියි

- Advertisement -

ඉන්දියාව නැනෝ නයිට්‍රජන් පොහොර මෙරටට ලබා දී ඇත්තේ විශාල ලාබයක් තබාගෙන බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පවසනවා.

ඒ, ඊයේ (18) දින මාධ්‍ය අමතමින්.

මේ වන විට ඩොලර් 10කට පොහොර ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් ඉදිරි කාලයේදී එම මිල ගණන් තව දුරටත් අඩු කරගැනීමට උත්සහ ගන්නා බවත් ඔහු පවසනවා.

එමෙන්ම ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයාගේ පොහොර අමාත්‍යංශය හරහා සියලු කටයුතු සිදුවන බැවින් තමා ප්‍රකාශ කරන්නේ අමාත්‍යංශය විසින් ලබාදෙන තොරතුරු බවයි ඔහු පවසන්නේ.

“මම කෘෂිකර්ම අමාත්‍යවරයා. මේක පොහොර අමාත්‍යාංශයෙන් තමයි මේ සියලු කටයුතු කරන්නේ. මට පොහොර අමාත්‍යාංශය දෙන තොරතුරු තමයි මම කියන්නේ. මේ පාර මේ සමාගමත් එක්ක සාකච්ඡා කරලා දැන් ඩොලර් 10කට අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ඉදිරි කාලයේදී මේක තවත් අඩු කරගන්න උත්සාහ කරනවා. අපටත් දැනෙනවා මොහු යම් විශාල ලාබයක් තියනවා කියලා අපට ඉදිරිපත් කරලා තියෙන එක තුළ. අපි ඉන්දීය තානාපතිතුමා හරහා මේක වෙනස් කරගන්න අපි මේ වෙනකොට කටයුතු කරගෙන යනවා”

ඉන්දීය ඉෆ්කෝ සමාගමෙන් ශ්‍රී ලංකාවට නැනෝ නයිට්‍රිජන් පොහොර මිලදී ගැනීමේදී මිලිලීටර් 500ක මිල ඇමරිකානු ඩොලර් 12.45ක් වුවත් එම පොහොර එම ප්‍රමාණය ඉන්දියාවේදී අලෙවි කෙරෙන්නේ ඇමරිකානු ඩොලර් 3.23කටයි.

මේ සම්බන්ධයෙන් ට පෙර පාර්ලිමේන්තුවේදී විපක්ෂය ප්‍රශ්න කළ අවස්ථාවක අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියාවේ අඩු මිලට දෙන්නේ නැනෝ යූරියා පොහොර වන අතර ශ්‍රී ලංකාවට ගෙන්වන්නේ මිලෙන් වැඩි නැනෝ නයිට්‍රිජන් පොහොර බවයි.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් මන්ත්‍රී පාඨලී චම්පික රණවක සිදුකළ ප්‍රකාශයට එරෙහිව අමාත්‍යවරයා පසුගිය 10වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ...

කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය මැයි 09 වනදා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...