හිටපු ප්‍රංශ අධිරාජ්‍යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68 කට පමණ) කට ප්‍රංශයේ පැරිස් නුවර පැවති වෙන්දේසියකදී වෙන්දේසි කර තිබෙනවා.
මෙම තොප්පිය නැපෝලියන් අධිරාජ්‍යයා වසර 1769 – 1821 දක්වා කාලය තුළදී පැළඳ තිබෙන බව සඳහන්.
ප්‍රංශ ධජයේ නිල් – සුදු – රතු වර්ණයන් ලාංඡනයේ ඇති මෙම කළු පැහැති තොප්පිය ලෝකය පුරා සිටින කෞතුක භාණ්ඩ එකතු කරන්නන්ගේ උනන්දුව ආකර්ෂණය කර ගත් බව වෙන්දේසිකරු ජීන් පියරේ පවසනවා.
නමුත් තොප්පිය මිලදී ගත් තැනැත්තාගේ අනන්‍යතාවය හෙළි කිරීමට වෙන්දේසිකරු කැමැත්ත පළ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඇමෙරිකානු ඩොලර් 655000 – 873000 අතර මුදලකට මෙම තොප්පිය වෙන්දේසි වේයැයි ඇස්තමේන්තු කළත් අවසානයේ එම මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලකට මෙම තොප්පිය අලෙවි වී තිබෙනවා.
නැපෝලියන් බොනපාර්ට්ට වසර 15 ක කාලය තුළ මෙවැනි තොප්පි 120 ක් පමණ තිබී ඇති බවත් ඉන් බොහොමයක් මේ වනවිට නැති වී ඇති බවත් වෙන්දේසිකරුවන් පවසනවා.
තොප්පිය නැපෝලියන් බොනපාර්ට්ගේ ප්‍රතිරූපය පිළිබිඹු කරන බවත් තොප්පියේ අවසන් හිමිකරු ව්‍යාපාරික ජීන් ලුවිස් නොයිසියෙස් මීට වසරකට පෙර මියගොස් ඇති බවත් පියරේ පෙන්වා දී තිබෙනවා.