ලොව පුරා ජනාදරයට පත් ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔහු මෙලෙස පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳ වීඩීයෝ පට මාලාවක් නිර්මාණය කිරීම සඳහා බවයි වාර්තා වෙන්නේ.
නාස් ඩේලි සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් තමා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව දන්වා තිබෙනවා.
එමෙන්ම, තමා සමඟ වීඩියෝවක පෙනී සිටීමට එළඹෙන සඳුදා (20) දින පස්වරු 4ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිය ගැට පෙළ අසලට පැමිණෙන ලෙස ඔහු එම සටහන මඟින් ශ්‍රී ලාංකික රසිකයන්ට ආරාධනයක්ද කර තිබුණා.
නුසේර් යසීන් නමැති මෙම ඊශ්‍රායල -අරාබි ජාතික ව්ලොග් නිර්මාණකරුවා එකිනෙක රටවල සංචාරය කරමින් සිදු කරන වීඩියෝ පට සඳහා ලොව පුරා සිටින මිලියන ගණනක රසික ප්‍රජාවගේ ආදරය හිමිව තිබෙනවා.
ඔහු විසින් මින් පෙර නිර්මාණය කරන ලද වීඩියෝ දහසක එකතුවක් තුළ This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් අන්තර්ගත කර තිබුණා.
එමෙන්ම, 2020 වසරේදී නාස් ඩේලී, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During Covid) ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයද බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට සමත් වුණා.