32 C
Colombo
Saturday, March 25, 2023

වෛද්‍ය පමාවෙන් වකුගඩු රෝගීන්ගේ අවදානම් ලැයිස්තුවක්..

- Advertisement -

මාළිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානයේ ශල්‍යකර්ම පමාවීමෙන් රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්ව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

වකුගඩු බද්ධ කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය වෛද්‍ය අනුමැතිය පමාවීමෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇතැයි ද මේ නිසා රෝගීන්ගේ ශල්‍යකර්ම සිදුකෙරෙන කාල වකවානු අවිනිශ්චිතව ඇතැයි ද ඔවුන්ගේ බාරකරුවෝ රැසක්ම චැනල් 19 වෙත පැවැසූහ.

වකුගඩු බද්ධ කිරීමේදී දායකයා හා රෝගියාගේ ගැලපීම්වලට අදාළ මූලික වෛද්‍ය පරීක්ෂණවලින් පසුව රෝහලේ ආචාර ධර්ම කමිටුව වෙත අදාළ ගොනු යොමු කෙරෙන අතර මාලිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානයේ එම කමිටුව රැස්වීම පමාවෙමින් පවතින්නේ යැයි වාර්තා වේ.

වකුගඩු රෝගියාගේ හා දායකයාගේ අනන්‍යතාවත් බලපෑම්වලින් තොරව දායකත්වය දක්වන්නේද යනාදී කාරණාත් සොයා බැලෙන්නේ මෙම කමිටුවෙනි.

අදාළ කමිටුවේ මූලික විමසුම්වලින් පසුව ශල්‍යකර්මයට අදාළ ගොනුව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කෙරෙන අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසාන අනුමැතියට යොමුකෙරෙන්නේ අමාත්‍යාංශ බලධාරින් මගිනි.

මේ අතර රුධිර කාන්දුකරණය සඳහා පැමිණෙන රෝගීන්ගේ භාරකරුවන්ට රෝහල් පරිශ්‍රයේ ප්‍රමාණවත් ඉඩ හා සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීමෙන් ඔවුහු ද දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

විෂබීජවලින් ආරක්ෂා කරගත යුතු සංවේදී රෝග ප්‍රජාවක් වීම හා මාලිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානය අවට පරිසරය ආරක්ෂිත නොවීම යන කාරණා නිසා සිය නෑ සියන්ගේ ජීවිත අවදානමට පත්ව ඇතැයි ද ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා දුරකථනයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද සාර්ථක නොවීය.

මාළිගාවත්ත වකුගඩු මධ්‍යස්ථාන පරිපාලනය සිය කාන්දුකරණ කටයුත්තට අදාළ වේලාව රෝගීන්ට නිසියාකාරව සන්නිවේදනය නොකිරීමෙන් මීට පෙර කොවිඞ් පළමු ව්‍යාප්තිය අවස්ථාවේ ද විශාල ප්‍රශ්නයක් මතු විය.

උදා වී ඇති මෙම තත්ත්වය නිසා ආර්ථික හැකියාවක් ඇති ඇතැම් රෝගීන් සිය ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහල්වලට යොමු වන නමුත් දුප්පත් රෝගීන් විශාල පිරිසක් දැඩි අසරණභාවයකට පත්ව සිටින්නේ යැයි ද එහි ප්‍රකාශකයෙක් චැනල් 19 ට පැවැසීය.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...