ජාතික වෙසක් සතිය අද (10) ආරම්භ වෙනවා.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර මහතා සඳහන් කළේ එය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.
කළණ මිතුරන් ඇසුරු කරමු යන්න මෙවර ජාතික වෙසක් සතියේ තේමාවයි.
මෙයට සමගාමීව රාජ්‍ය වෙසක් මහෝත්සවය අද (10) පස්වරුවේ නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කරනු ලබනවා.
මේ අතර වෙසක් සතිය නිමිත්තෙන් මැයි මස 12,13 සහ 14 යන තෙදින පුරා දිවයින පුරා ඇති මස් මාංශ අලෙවිසැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවිකිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙසද රජය දැනුම්දී තිබෙනවා.