27 C
Colombo
Saturday, April 20, 2024

අපිට රුපියල් 15 ක් ඕනේ – නාට්ටාමිවරු විරෝධතාවයක

- Advertisement -

භාණ්ඩ රැගෙන යාම සඳහා තමන්ට ලබාදෙන කුලිය රුපියල් 15ක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා කොළඹ පිටකොටුවේ නාට්ටාමිවරු අද (22) විරෝධතාවක නිරත වුණා.

විරෝධතාවයේ නිරත නාට්ටාමිවරු සදහන් කළේ භාණ්ඩ පැටවීමේදී සහ ගොඩබෑමේදී දැනට ගෙවන මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

මේ වන විට තමන්ට රුපියල් 6 ත් 10 ත් අතර මුදලක් ලැබෙන බවත් එම මුදලින් රුපියල් 30 ක් වන තේ කහට කෝප්පයක් හෝ බීමට නොහැකි බවත් ඔවුන් සදහන් කරනවා.

ජීවන වියදම දැඩිලෙස ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ තමන්ට රුපියල් 15 ක මුදල අනිවාර්යයෙන් අවශ්‍ය බවයි නාට්ටාමිවරුන් පෙන්වා දෙන්නේ.

එම මුදල ලබා නොදෙන්නේ නම් තමන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් ඉවත්වන බව ඔවුන් සදහන් කරනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පිටකොටුව වෙළෙඳ ව්‍යාපාරිකයන් පවසන්නේ තමන්ට එම මුදල ලබාදීමට නොහැකි බවයි.


RECENT ARTICLES - SINHALA

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි. පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඔහු...

හමුදාව හැරගිය අයට අද සිට පොදු සමා කාලයක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා....

පෑලියගොඩ මාළු මිල ඉහළට

0
අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...