33 C
Colombo
Thursday, March 28, 2024

දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක්? – ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිළි කිරීමක්

- Advertisement -

මෙරට දේවස්ථානවලට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සමාජ මාධ්‍යයේ හා විද්‍යුත් මාධ්‍යයේ සංසරණය වූ පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය හරහා ආරක්ෂ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසා සිටින්නේ එම පුවත සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය කිරීමක් හෝ තහවුරු කිරීමක් සිදුකර නොමැති බවයි.

එබැවින් අදාල පුවත සම්බන්ධයෙන් කලබලයට පත්වීමට කිසිදු හේතුවක් නොමැති බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ.

ත්‍රස්ත ප්‍රහාරයක් සිදු විය හැකි බවට තොරතුරු ලැබී ඇති හෙයින් සෝදිසියෙන් සිටින ලෙස දේවස්ථානයේ ජනතාවට අනතුරු ඇඟවීම සඳහා නාවික හමුදා නිලධාරීන් පිරිසක් ඊයේ ජාඇල බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයට පැමිණීමේ පුවතට අදාලව මෙම පැහැදිලි කිරීම සිදු විය.

නාවික හමුදා නිලධාරීන් පැමිණෙන අවස්ථාවේදී පල්ලියේ ප්‍රධාන පූජකවරයා නොසිටි හෙයින් නිලධාරින් මේ සම්බන්ධයෙන් පල්ලියේ මෙහෙකාරියකට දැනුම් දී පිටව ගොස් ඇත.

නාවික හමුදා නිලධාරීන් පැමිණෙන අවස්ථාවේදී පල්ලියේ ප්‍රධාන පියතුමා නොසිටි හෙයින් නිලධාරින් මේ සම්බන්ධයෙන් පල්ලියේ මෙහෙකාරියකට දැනුම් දී පිටව ගොස් ඇත.

පසුව පියතුමා පල්ලියට පැමිණි නාවික හමුදා නිලධාරියාගෙන් මේ ගැන විමසීය. ඔහු මෙය අගරදගුරු නිවසෙන්ද විමසා ඇත.

කෙසේ වෙතත් නාවික හමුදා නිලධාරීන් අද ආපසු පැමිණ තත්ත්වය නිවැරදි කළ බවයි දේවස්ථානයේ ජයන්ත නිමල් පියතුමා පැවසුවේ .

ආරක්ෂක අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර, ප්රහාරය පිළිබඳ විය හැකි පණිවුඩය මූලික තොරතුරු මත පදනම් වූවක් බවත් එය අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය නොකරන බවත් තහවුරු නොකරන බවත් පැහැදිලි කළේය.

RECENT ARTICLES - SINHALA

රජිව් ගාන්ධි ඝාතකයන් 03ක් ශ්‍රී ලංකාවට පිටුවහල් කරලා

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබෙනවා. රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රීහරන් හෙවත් මුරුගන්,...

ආමර් වීදීයේ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක්...

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...