ගංවතුරෙන් පිඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් යොදවා තිබෙනවා.
අනුරාධපුර පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයටත් එම නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට කටයුතු කර තිබෙනවා.
එම කණ්ඩායම් විසින් ආපදාවට පත්ව ඇති ලාහුගල මහ වැවේ වැලි කොට යොදා තාවකාලික ආධාරක ඉදි කිරීමේ කටයුතු සිදු කරමින් සිටිනවා.
මේ අතර, පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් 3009 දෙනෙකු වෙත නාවික හමුදා යාත්‍රා මඟින් ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවා.
එමෙන්ම නාවික හමුදාව පවසන්නේ, ගංවතුර හමුවේ ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් 48ක් සූදානමින් තබා ඇති බවයි.