30 C
Colombo
Tuesday, April 29, 2025

නීති විරෝධීව වියලි කහ රැගෙන ආ පිරිසක් නාවික හමුදා භාරයට

- Advertisement -

නීති විරෝධී ලෙස වියලි කහ තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ සමග ඔවුන් විසින් ගෙන ආ වියලි කහ කිලෝ 145ක තොගයක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

පසුගිය 13 වැනි දින උඩප්පුව කරුකපනේ මුහුදු ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදි සැකකරුවන් හසුව තිබෙනවා. 

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22-55ත් අතර පසුවන අයවලුන් වන අතර ඔවුන් බංගදෙනිය, වයික්කාල සහ කල්පිටිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවද නාවික හමුදාව සඳහන් කළා.

එම සැකකරුවන් පිරිස සහ වියලි කහ තොගය සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

POPULAR ARTICLES