29 C
Colombo
Wednesday, March 29, 2023

කවි පොතක් ලියා රැඳවුම්බාරයේ සිටින තරුණයා ගැන සොයා බලන්නැයි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

- Advertisement -

‘නවරසම්’ නමින් කවි පොතක් ලිවීම නිසා අත්අඩංගුවට ගෙන මාස 07 කට ආසාන්න කාලයක් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම්බාරයේ සිටින අනාෆ් ජසීම් නම් තරුණයා ගැන කඩිනමින් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගිය දෙසැම්බර් 09 වන දින අදාල ලිඛිත ඉල්ලීම සිදු කර ඇත.

සාහිත්‍යයට ලැදි, කලාකාමී සහ අන්තවාදයට විරුද්ධව සාහිත්‍යයෙන් සටන් කරන තරුණයන් නිරපරාදේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔවුන් නිරායාසයෙන්ම අන්තවාදයට තල්ලු වන බව එම සංගමය පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම තැනැත්තකුටම භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකමක් ඇතැයි ද එය ‘නවරසම්’ පොතේ කර්තෘටද එලෙසින්ම අදාළ වන බව ද ඔහු සාහිත්‍ය කෘතියක් රචනා කිරීම නිසා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් එම සංගමය පවසයි.

එම පොතෙහි අන්තවාදී කරුණු ඇතුළත්දැයි දැන ගැනීමට අවශ්‍යව තිබුණේ නම් එය පරිවර්තනය කර බලා අවසානයේ නීති විරෝධී යමක් ඇත්නම් ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කිරීමේ හැකියාව තිබුණද අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම කර ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම බව ලිපියේ සදහන් වේ.

මෙම පොතෙහි තිබෙන කවිවලින් ළමා මනසට හානියක් වේද යන්න ගැන රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන්ගෙන් වාර්තාවක් කැඳවන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර මෙහි මරණින් මතු ජීවිතය ගැන සඳහන් කවි ද තිබෙන බවත්, ඒවා ළමා මනසට අහිතකර බවටත් කිහිප දෙනෙකු අදහස් ඉදිරිපත් කර ඇති බවත් දැනගන්නට ඇති බව එම සංගමය සඳහන් කරයි. බෞද්ධ සාහිත්‍යයේ ද මරණින් මතු ජීවිතයක් ගැන කතා කරන ඕනෑ තරම් කතා දහම් පාසල් පොත්වල සහ පාසල් පොත්වල ඇතැයි ද එසේ තිබිය දී දමිළ භාෂාවෙන් ලියන ලද මෙවැනි සාහිත්‍ය පොතක් සම්බන්ධයෙන් එහි කර්තෘ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබාගැනීම කිරීම බරපතල ප්‍රශ්නයක් බව එම සංගමය පෙන්වා දෙයි.

එම පොතේ තිබූ කවි මෙන්ම ඔහු විසින් රචනා කළ වෙනත් කවි ද අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ඔහු අයි.එස් විරෝධී කවි රැසක් රචනා කර ඇති බවත් යුද්ධයට එරෙහිව සහ සාමය ගැන ද ඔහු කවි ලියා තිබෙන බවත් කාව්‍ය සාහිත්‍ය අතින් ඉහළ තැනක තිබෙන මෙම බොහෝ කවි අන්තවාදයට එරෙහි කවි වීම විශේෂත්වයක් බවත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

මෙම තරුණයා මැයි මාසයේ සිට රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටින බැවින් මේ ගැන කඩිනමින් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලයි.

හිජාස් හිස්බුල්ලා⁣ගේ සිද්ධියට ඇති සම්බන්ධය

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලාගේ සිද්ධියට අදාලව 2020 මැයි 16 වැනි දා අනාෆ් ජසීම් අත්අඩංගුවට ගෙන ඇති බව එම සංගමය පවසයි. මෙම තරුණයා තමා විසින් රචනා කරන ලද කවි ඇතුළත් කර ‘නවරසම්’ නමින් පොත් දෙකක් මුද්‍රණය කර තිබෙන අතර එම පොත් දෙකෙන් එක් පොතක පිටපත් 19ක් පමණ ‘සේව් ද පර්ල්’ ආයතනයට සම්බන්ධ ස්ථානයක තිබී සොයා ගැනීමෙන් පසු ජසීම් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

‘සේව් ද පර්ල්’ සංවිධානයේ සම්බන්ධීකරණ වැඩ කටයුතු සිදු කළැයි කියන සාවුල් හමීඩ් මොහොමඩ් සුල්තාන් නම් පුද්ගලයකු 2020 මැයි 03 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බාරයේ තිබී නවරසම් නම් මෙම පොත සොයාගෙන ඇතැයි ද අනතුරව රහස් පොලිසිය මදුරන්කුලියේ ඇති බව කියන ‘සේව්ද පර්ල්’ ආයතනයේ තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂා කර බලා එහි තිබූ නවරසම් පොතේ පිටපත් 19ක් සිය බාරයට ගෙන ඇතැයිද එම ගොඩනැගිල්ලට යාබදව පිහිටි ‘ස්කූල් ඔෆ් එක්සලන්ස්’ නම් පාසලේ අනාෆ් ඉගැන්වීම් කටයුතු කර ඇතැයි ද එම සංගමය සඳහන් කරයි.

හිජාස් හිස්බුල්ලාගේ සිද්ධිය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව සඳහන් කරමින් 2020 අප්‍රේල් 14 වැනිදා නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එතැන් සිට ඔහු මේ දක්වා රඳවා තබා ගනු ලැබ සිටී. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කිසිදු හේතුවක් දක්වා නොමැති බව ද ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර තිබිණි.

එම කාලයේදී මාධ්‍ය හමුවකදී පොලිස් ප්‍රකාශකයෙකු කියා සිටියේ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ වලදී ඔහුට එරෙහිව හමු වූ සාක්ෂි හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

ඔහුට නිසි පරිදි නීතිඥ සහය ලබාගැනීමට අවස්ථාව ලබා දී නැති බවට ද නීතිඥයින්ට ප්‍රවේශ වීමට අවසර දුන් අවස්ථාවලදී ද ලබාදී ඇත්තේ ඇත්තේ රහස් පොලිසියේ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ සීමිත ප්‍රවේශයක් පමණක් බවටද ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර තිබිණි.

ඔහුගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට නීතිඥ සංගම්, දේශීය සංවිධාන සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් නිවේදන නිකුත් කළේය.

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...