ඇතැම් සහය අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදන ආයතන විසින් කොවිඩ් ආසාදිත සිටින නළු නිලියන් ගෙන් ඉදිරි පටිගත කිරීම් සඳහා දින ඉල්ලමින් සිටින බව ජනප්‍රිය නිලි නයනතරා වික්‍රමාරච්චි පවසනවා.
මේ හේතුවෙන් පවතින තත්ත්වය හමුවේ සියලු රූගත කිරීම් නතර කිරීමට පියවර ගන්නා ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතව සිටින ඇය මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ජීවිතය වලට වඩා මුදල් ප්‍රමුඛකොට සැලකීම පිළිගත නොහැකි බවත් එබැවින් මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙසත් ඇය ඉල්ලා සිටිනවා.