26 C
Colombo
Wednesday, January 22, 2025

ලොව පුරා බිලියන 4කට ආසන්න පිරිසකට මොළය ආශ්‍රිත රෝගයක්

- Advertisement -

මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම සදහා ලොව ප්‍රථම වරට මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පුහුණුව ලත් 100 දෙනෙකුගෙන් යුත් සන්නාම තානාපතිවරුන් හෙවත් ජනතාව දැනුවත් කිරීමේ කණ්ඩායමක් ස්වේච්ඡා සේවය සදහා යොමු කරවීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්නවයෙන් ඊයේ (19) සිදුවුණා.

ඒ (19) රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දීය.

එම විශ්ව විද්‍යාලය හා ඊට අනුබද්ධ රෝහල මගින් එම ආයතන දෙකේ සියළු අංශ නියෝජනය වන පරිදි තෝරාගත් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම විශේෂ පුහුණුවකින් පසු මෙලෙස සන්නාම තානාපතිවරුන් ලෙස පත් කර තිබෙනවා.

එම සන්නාම තානාපතිවරුන් “මොළයේ සුවයට නිවැරදි කරුණු 10 ක්” නම් වූ මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා වූ ප්‍රධාන කරුණු 10 ක් පිළිබදව ඉදිරියේ දී ජනතාව දැනුවත් කිරීම සදහා සමාජගතවීමට නියමිතයි.

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, කායිකව ක්‍රියාශීලිවීම, යහපත් පුරවැසියෙකු වී සමාජීය සබඳතා ඇතිකර ගැනීම, ශාරීරික බර හා ඉණ වට ප්‍රමාණය කළමණාකරණය, දුම්බීමෙන් වැලකීම, කොලෙස්ටරෝල් මට්ටම කළමණාකරණය, රුධිර ගත සීනි මට්ටම කළමණාකරණය, රුධිර පීඩනය කළමණාකරණය, ධනාත්මක මානසික ආතතිය කළමණාකරණය, සුවදායි නින්ද යන කරුණු 10 මේ තුළ ඇතුළත්.

මෙහිදි අනාවරණය වූයේ බිලියන 08 ක් වන ලෝක ජනගහනය අතුරින් බිලියන 3.4 ක් මේ වනවිට මොළයේ රෝගයකින් පීඩා විදින බවත්, මොළයේ රෝග 400 ක් පමණ මේ වනවිට හදුනාගෙන ඇති බවයි.

මොළයේ ප්‍රධාන ‌රෝග ලෙස අංශභාගය, ඩිමෙන්ෂියාව, මයිග්‍රේන් ඇතුළු හිසරද රෝග, අපස්මාර රෝගය, දියවැඩියා රෝගය නිසා පර්යන්ත ස්නායු වලට හානිවීම මිනිස් ජිවිතයටම වැඩිපුරම බලපෑම් සිදු කරන රෝග ලෙස හදුනාගෙන ඇති බවත් මෙහිදි සාකච්ඡා වුණා.

එමෙන්ම මොළයේ රෝග පිළිබදව නිසි දැනුවත්භාවය ලබාදීම තුළින් සියයට 90 කටත් වඩා රෝග වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බව ද මෙහිදී අනාවරණය වනවා

ගෝලීය රෝගීන් වෙනුවෙන් පෙනී සිටින සන්ධානය (Global Patient Advocacy Coalition-GPAC) සහ ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධානය (Leading international organization) යන සංවිධාන මෙම වැඩපිළිවෙල සඳහා දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES