27.4 C
Colombo
Wednesday, June 7, 2023

ශ්‍රී ලාංකික තාරුණ්‍යයට වෙනස්ම ආරක සරසවි අත්දැකීමක් ලබාදෙන මීගමුව BCI Campus

- Advertisement -

මීගමුව BCI Campus ආයතනය (Benedict XVI Catholic Institute) මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධිය (Bachelor of Business Management (BBM) Hons) සහ තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය (Bachelor of Information Technology (BSc) Hons) යන උපාධි පාඨාමාලවන් සඳහා අයදුම්පත් බාරගන්නා බවට නිවේදනය කර සිටී. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ කොළඹ අගරදගුරු පදවිය විසින් පරිපාලනය කරනු ලබන මේ සුවිශේෂී විශ්වවිද්‍යාලයේ උපාධි පාඨාමාලාවන් හැදෑරීම සඳහා දැන් අවස්ථාව ඇති අතර ඒ සඳහා කැමැත්ත ඇති සිසුන්/දෙමාපියන් හට දැන් ඒ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගත හැකිය.

BCI Campus ආයතනය 2015 වසරේදී, ශුද්ධ වූ 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය සමරනු වස් ආරම්භ කෙරුණු අධ්‍යාපන ආයතනයක් වන අතර ආරම්භයේ සිට මේ දක්වා දහස් සංඛ්‍යාත සිසුන් ගණනකට ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර කළමනාකරණය හා වෘත්තීයමය අධ්‍යාපනය යන අංශයන්ගෙන් උසස් අධ්‍යාපනය ලබා දුන් කීර්තිමත් ආයතනයකි. සිය ගමන් මගේ ඉතා වැදගත් සංධිස්ථානයක් පසුගිය 2020 වසරේදී සනිටුහන් කළ BCI Campus ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත උපාධි ප්‍රදානය කරන විශ්වවිද්‍යාලයක් බවට පත් විය.

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශීය හා ජාත්‍යන්තර උපාධි ප්‍රදානය කරන ආයතන ගණනාවක් ක්‍රියාකාරී වන ඉතා තරඟකාරී ක්ෂේත්‍රයක් බවට පත්ව ඇති බව නොරහසකි. මේ ආයතන අතරින් බොහොමයක් ව්‍යාපාරික අරමුණු ඇතිව ව්‍යාපාරික ආයතන වශයෙන් ක්‍රියාත්මක ආයතනය. BCI Campus මෙම තරඟකාරීත්වයෙන් වෙනස් වන්නේ වෘත්තීයමය/ශාස්ත්‍රීය දැනුම මෙන්ම ගුණධර්ම හා වටිනාකම්වලින් පරිපූර්ණ උපාධිධාරියෙක් බිහි කිරීම ඉලක්ක කරගත් වෙනස්ම ආරක අධ්‍යාපනයක් සිය සිසුන් වෙත ලබාදීම හේතුවෙනි.

zzBCI Campus ආයතනයේ මූලික අවධානය යොමු වන්නේ ඉහළ වෘත්තීයමය බවින් යුත්, දැනුමෙන් හා දක්ෂතාවයෙන් සන්නද්ධ, සාර්ථක වෘත්තීය ගමනකට සූදානම් උපාධිධාරීන් බිහි කිරීමටයි. අපි සෑම ශිෂ්‍යයෙක්ගේම/ශිෂ්‍යාවකගේම වෘත්තීය ගමන සාර්ථක කිරීම සඳහා ඔවුන් සමඟ ඉතා සමීපව වැඩ කරන අතරම උපාධි අපේක්ෂකයෙක් සාර්ථක වෘත්තිකයෙක් බවට පත් කරන සම්පූර්ණ ක්‍රියාදාමය පුරාම අපේ උපරිම අවධානය සහ සේවය සිසුන් වෙත ලබා දෙනවා. කෙසේ නමුත් අප වෙනත් උසස් අධ්‍යාපන ආයතන වෙතින් වෙනස් වන මූලික කාරණය එය පමණක් නොවන බව පැවසිය යුතුයි. අපේ සෑම උපාධි අපේක්ෂකයෙක්ම/අපේක්ෂිකාවක්ම සාර්ථක වෘත්තිකයෙක් බවට පත් කිරීමට අමතරව රටට ජාතියට වටිනා උසස් මනුෂ්‍යයෙක් බවට පත් කිරීමට අප දරනා උත්සාහය අපේ විශේෂත්වයයි. අපේ උපාධිධාරීන් සාර්ථක වෘත්තිකයින් පිරිසක් පමණක් නොව සිය පවුලට, සමාජයට හා පොදුවේ රටට වැඩදායී, වගකීම් සහගත පුරවැසියන් බවට පත් කිරීම අපේ ඒකායන මෙහෙයුමයි” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් BCI Campus ආයතනයේ අධ්‍යක්ෂක පූජ්‍ය ගරු ක්වින්ටස් ප්‍රනාන්දු පියතුමා පැවසීය.

මීගමුව ප්‍රදේශයේ අලංකාරවත්, හරිත භූමිභාගයක් පිහිටා ඇති BCI Campus ඉහළ මට්ටමේ අධ්‍යාපනයක අත්දැකීමක් සිසුන් වෙත ලබාදීමට යෝග්‍යතම ආකාරයට ස්වභාවිකවම පිහිටා ඇත. අති නවීන තාක්ෂණය සමගින් ඒ ඒ අරමුණු වෙනුවෙන්ම පිහිටුවන ලද පහසුකම්වලින් අනූන BCI Campus නූතනයට ගැලපෙන විෂය නිර්දේශයන් සහ සිසුන් වෙත දැනුම ලබාදීම සඳහා ඉහළම සුදුසුකම්ලත් මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත දේශක මණ්ඩලයකින් පරිපූර්ණය. එමෙන්ම BCI Campus සේවයේ නියුතු ඉහළ වෘත්තීයමය බවකින් යුත්, කැපවීමෙන් සේවය කරන කාර්යමණ්ඩලය සිසුන්ගේ දියුණුවට උපකාරී වන පරිසරියක් නිර්මාණය කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරයි.

BCI Campus සිය`ඵම ආගමික හා සංස්කෘතික පසුබිම්වලට අයත් සිසුන් හට විවෘත වන අතර දේශයේ ප්‍රගමනයට ඉතා වැදගත් වන මේ විවිධත්වය පෝෂණය කිරීම සඳහා විශාල වෑයමක් දරන අධ්‍යාපයන ආයතනයකි.

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල ලැබූ සිසුන් උපාධි පාඨාමාලාවන් සඳහා බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇති නිසා BCI Campus පාඨාමාලාවන් පිළිබඳව විමසා බැලීමට කැමති සිසුන්, දෙමාපියන් හට විශ්වවිද්‍යාලයට පැමිණසියල්ල තමන්ම දැක බලා ගෙන සිය විමසීම් සිදු කරන ලෙස ආරාධනා කර සිටී. එසේ නොමැති නම් www.bci.lk වෙබ් අඩවිය හරහා සහ 031 2035100 හෝ 070 6035100 දුරකතන අංක අමතා උපාධි පාඨාමාලාවන් පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගැනීමද සිදු කළ හැකිය.

RECENT ARTICLES - SINHALA

BREAKING – මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය කියා සිටියේ...

සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් හිදී යකා නටයි

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ (06) රාත්‍රියේ පහර දී තිබෙනවා.

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...