27 C
Colombo
Saturday, December 2, 2023

දිල්ලි ක්‍රයිම් එමී දිනලා

- Advertisement -

අන්තර්ජාලයෙන් පැවැත් වූ 48 වැනි ජාත්‍යන්තර එමී සම්මාන උළෙලේ හොඳම Drama Series සඳහා වන සම්මානය ඉන්දීය කතා මාලාවක් වන Delhi Crime සඳහා හිමි විය.

මෙය ඉන්දියානු කතා මාලාවක් එමී සම්මානයක් ලස මුල්ම අවස්ථාවය. එම සම්මාන උළෙලේ අවසන් නිර්දේශ සඳහා ඇමෙරිකාව, එංගලන්තය, බ්‍රසීලය, ආජන්ටිනාව, ජර්මනිය, ප්‍රංශය ඇතුළු රටවල් 20ක නිර්මාණ ඉදිරිපත් වී තිබුණි.

දිල්ලි ක්‍රයිම් කතා මාලාව ඉන්දියාවේ ආන්දෝලනයට ලක් වූ බස් රථයකදී ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක් කිරීමේ සිදුවීම හෙවත් නිර්භයා සිදුවීම අළලා නිර්මාණය කළ එකකි. එය රිචී මෙහෙතාගේ අධ්‍යක්ෂණයක් වන අතර සෙෆාලි ෂා, රසිකා ඩුගාල්, ආදිල් හුසේන් ආදී නළුනිළියන් රංගනයෙන් එක් වූ එකකි. සම්මානය ලබාගනිමින් රිචී මෙහ්තා එම සමූහ දූෂණයට ලක් වූ කාන්තාවට සහ ඇගේ මවට ගෞරවය පුද කළාය.

එහිදී හොඳම නළුවාට හිමි සම්මානය එංගලන්තයේ ‘Responsible Child’ කතා මාලාවේ රඟපෑ බිලී බැරට්ට හිමි විය. හොඳම නිළිය සම්මානය Elizabeth Is Missing කතා මාලාවේ රඟපෑ එංගලන්තයේ ග්ලෙන්ඩා ජැක්සන්ට හිමි විය.

කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර එමී සම්මාන උළෙල ලොව ඉහළ කතාබහකට ලක්වෙන, වසර 72ක් පැරණි ඇමෙරිකානු එමී සම්මාන උළෙල නොවේ. එය ‘ Academy of Television Arts & Sciences‘ ආයතනයෙන් සංවිධානය කරන්නකි. ජාත්‍යන්තර එමී සම්මාන උළෙල සංවිධානය කරන්නේ International Academy of Television Arts and Sciences විසිනි.

මෙවර ඇමෙරිකානු එමී සම්මාන උළෙලේදී හොඳම කතා මාලාවට හිමි සම්මානය ලබාගත්තේ එච්බීඕ කතාමාලාවක් වන Succession විසිනි. මීට පෙර ගේම් ඔෆ් ත්‍රෝන්ස්, බ්‍රේකින් බෑඩ් වැනි කතා මාලා ඇමෙරිකානු එමී සම්මානය ජයගෙන තිබුණි.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...