33 C
Colombo
Thursday, April 18, 2024

නෙදර්ලන්තය ලෝක කුසලානයෙන් ඉවතට

- Advertisement -

මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12ක් සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ නැමීබියාව සමග අද පැවැති තරඟය කඩුලු 6කින් පරාජයට පත්වූ නෙදර්ලන්ත කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට විසිවීමට සිදුවුණා.

තරගයේ කාසිය වාසිය දිනාගත් නැමීබියා කණ්ඩායම පළමුව පන්දුවට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 04කට ලකුණු 164ක් ලෙස නෙදර්ලන්ත ලකුණු පුවරුව සීමා කිරීමට ඔවුන් සමත් වුණා.

ලකුණු 165 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නැමීබියා කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ ලකුණු 166ක් ලබාගනිමින් ජයග්‍රාහී කඩයිම පසු කිරීමට සමත් වුණේ කඩුළු 04ක් පමණක් දැවී ගොස් තිබියදීයි.

නැමීබියාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ ජාත්‍යන්තර T20 අත්දැකීම් සහිත David Wiese පන්දු 40ක් තුළ ලකුණු 66ක් ලබාගැනීමට සමත් වුණා. Wiese ගේ එම ඉනීම හයේ පහර 05කින් සහ හතරේ පහර 04කින් වර්ණවත් වුණා.

ඒ අනුව තරඟය කඩුලු 06කින් නැමීබියාව ජයග්‍රාහණය කළ අතර තරඟයේ වීරයා සම්මානය David Wiese විසින් හිමිකර ගත්තා.

ඒ අනුව මේ වන විට A අවසන් 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අයර්ලන්ත කණ්ඩායමට සහ නැමීබියාවට විවෘත වී තිබෙනවා.

A කාණ්ඩයේ ප්‍රමුඛ ස්ථානය සිටින ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් අද දිනයේ අයර්ලන්තය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායම එම කාණ්ඩයේ ප්‍රමුඛ ස්ථානය ම රැඳී සිටිමින් අවසන් දොළොස් දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර යම් හෙයකින් මෙම තරගය අයර්ලන්තය ජයග්‍රහණය කළ හොත් නැමීබියාව තරගාවලියෙන් ඉවත් වීමේ අවදානමක් ඇති වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය මීළඟ වටයට පිවිසෙනු ඇතියි.

එසේම ශ්‍රී ලංකාව සමග අද දිනයේ පැවැත්වෙන තරඟය අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්වී මීළඟ තරගයේදී නැමීබියාව අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කළහොත් කළහොත් නැමීබියාව මීළඟ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවනු ඇතියි.

RECENT ARTICLES - SINHALA

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවට

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත...

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...