28.2 C
Colombo
Sunday, May 18, 2025

නෙවිල් සිල්වා යළි රිමාන්ඩ්

- Advertisement -

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා දෙසැම්බර් 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට රත්නපුර අතිරේක මහෙස්ත්‍රාත් දුනීසා හේසානි රුද්‍රි මහත්මිය නියෝග කළා.

රුපියල් කෝටි 14ක් වටිනා මැණික් සහ වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒකපාර්ශිකව පැමිණිලිකරුට ලබාදීම ගැන අත්අඩංගුවට ගත් සැකකාර නෙවිල් ද සිල්වා මහතාට එල්ල වී ඇති චෝදනාවයි.

2023 වසරේ අගෝස්තු 2 වනදා කුරුවිට මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14ක් පමණ වටිනා දේපොළ බලහත්කාරයෙන් ලබාගත් බවට පැමිණිල්ලක් කර තිබු බව එම පැමිණිල්ලට අනුව සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒකපාර්ශ්වික ලෙස කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණලි අංශයට ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරිවරයාව පසුගිය දෙසැම්බර් 9 වන දා අත්අඩංගුවට ගෙන පසුව රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා විවෘත අධිකරණයයේදී සඳහන් කළේ, නිසි විමර්ශනයකින් තොරව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මැණික් ව්‍යාපාරයක් සඳහා යොදවන ලද රුපියල් කෝටි 14ක මුදලක් ආපසු නොදි වංචා කිරීම ගැන නුගේගොඩ ප්‍රදේශයේ අයෙකු මුලින් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබු බවත් එහි විමර්ශන අනුව බි19536/23 යටතේ නුගේගොඩ අධිකරණය වෙත කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු ඉදිරිපත් කර තිබු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය ට කරුණු ඉදිරිපත් කළා.

එම පාර්ශව දෙක දීර්ඝ කාලයක් මැණික් ව්‍යාපාරයේ යෙදී ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන අතරතුරදී කුරුවිට මැණික් ව්‍යාපාරිකයා සැඟවී ඇති බවට නුගේගොඩ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබු බවද ජනාධිපති නීතීඥවරයා පැවසුවා.

පසුව ඔවුන් දෙදෙනා එකඟතාවයකට පැමිණ ඇතැයි ද සඳහන් කළ ජනාධිපති නීතීඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන නිසියාකාරව සිදුනොකර සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි සැකකරුගේ නීතීඥවරුන් සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ,සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒකපාර්ශකවික ලෙස කටයුතු කර ඇති බවට අනාවරණය වු බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ල අනුව නිසිලෙස විමර්ශන කටයුතු සිදුකර ඇතැයි එම නිලධාරින් අධිකරණයට පැවසුවා.

RECENT ARTICLES - SINHALA

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ නිල චෙම්බරය තුළ රහසේ ලිංගිකව...

POPULAR ARTICLES