25 C
Colombo
Wednesday, March 19, 2025

අනුරාධපුර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කෙරේ

- Advertisement -

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පොළොන්නරු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච් .එම් .යු .අයි කරුණාරත්න මහතාව පත් කර තිබෙනවා .

මෙම පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අද (14) දිනයේ සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ .

මෙම පත්කිරීම සිදුවීමට පෙර අනුරාධපුර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වූ වෛද්‍ය ඩී .එම් .එස් සමරවීර මහතා කටයුතු කළා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණයට ලක් වීමේ සිදුවීමත් සමඟ එම රෝහල් පරිපාලනේ පවතින අර්බුදයක් සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පසුගියදා අනාවරණයක් සිදු කළා.

එහිදී ඔහු චෝදනා කළේ වෛද්‍ය ඩී .එම් .එස් සමරවීර මහතා නියමිත සුදුසුකම් සපිරීමෙන් තොරව දේශපාලන බලය භාවිත කරමින් වසර 14- 15 කට ආසන්න කාලයක් අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

POPULAR ARTICLES