27.9 C
Colombo
Wednesday, May 14, 2025

වැඩබලන්න අලුත් පොලිස්පතිවරයෙක්

- Advertisement -

ශ්‍රී ලංකා පොලිසියේ වැඩබලන පොලිස්පති ධුරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබෙනවා.

මින් පෙර පොලිස්පති ධූරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝට අධිකරණය මගින් එම ධුරයේ රාජකාරි සිදු කිරීම අත්හිට වූ අතර, එම හේතුවෙන් පොලිස්පතිවරයෙකුගේ පුරප්පාඩුවක් පැවතියා.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා සේවය කළ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් වනවා.

ඔහු මින් පෙර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, උතුරු හා මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙන්ම පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන තනතුරුවල සේවය කරනු ලැබූ අයෙක්.

එමෙන්ම ඔහු අවසන් වරට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

තවද, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයෙකු වශයෙන්ද දිවුරුම් දී තිබෙනවා.

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ද ලබා ඇති ඔහු, නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහාද සහකාර පොලිස් අධිකාරිවරයෙකු හා පොලිස් අධිකාරිවරයෙකු ලෙස එක්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

කුඩු බෙදපු අය ගැන පොලීසියට කිව්වේ නැත්තේ ඇයි? චතුරංගට චෝදනාවක්

පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ආධාරකරුවන්ට  මත්ද්‍රව්‍ය බෙදා හැරි බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙන්නප්පුව මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මරුට: තිදෙනෙක් අතුරුදන්

වෙන්නප්පුව මුහුදු දියනෑමට ගිය පිරිසක් අතුරින් අයෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ, නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි...

POPULAR ARTICLES

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

ට්‍රම්ප්, සෞදිය සමඟ ඩොලර් බිලියන 142ක අවි ගනුදෙනුවකට අත්සන් තබයි

ඇමරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර ඇමරිකානු ඩොලර් බිලියන 142 කට ආසන්න වටිනාකමකින් යුතු ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර  තිබෙනවා. ධවල මන්දිරය මෙය හඳුන්වා ඇත්තේ,...