නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (26) පස්වරුවේ දිවුරුම් දුන්නා.
ඒ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩුවූ නීතිපති ධූරය සඳහායි.
මෙරට 48 වන නීතිපතිවරයා ලෙස අද දිවුරුම් දුන් සංජය රාජරත්නම් මහතා නීතිපති දෙපාර්ත්තමේන්තුවේ වසර 34ක සේවා කාලය පුරාවට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුරයන් හොබවා තිබෙනවා.