27.5 C
Colombo
Wednesday, October 4, 2023

බැංකු තුනක් ඒකාබද්ධ කර නව බැංකුවක්

- Advertisement -

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB), නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ඒකාබද්ධ කරමින් ඉදිරියේදී ජාතික සංවර්ධන බැංකු සංස්ථාව (NDBC) නමින් නව ආයතනයක් ස්ථාපනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් පවසා ඇත.

යෝජිත නව බැංකුව පිහිටුවීම සඳහා මහ බැංකුව රජය සමග සමීපව කටයුතු කරමින් පහසුකම් සැලසීම කරනු ලබන බවද “පෙර දැක්ම 2021’’ මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්තිය 2021 වසර වෙනුවෙන් එළිදැක්වීමේ අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.

මෙම පියවර ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකුකරණයේ නව යුගයක් බිහි කරනු ඇති බව පැවසූ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ 2020 වර්ෂය කොවිඩ් වසංගතය හේතුවෙන් අසීරු කාල සීමාවක් වූ නමුත් 2021 වර්ෂයේදී සැලසුම් සහිතව ආර්ථික අභියෝග ජය ගැනීමට කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: සියලු කාර්යාල දුම්රිය අවලංගුයි

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය...

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...