32 C
Colombo
Tuesday, February 18, 2025

වතු ජනතාවට නව නිවාස

- Advertisement -

2025 වර්ෂය තුළ වතු ජනතාවට නව නිවාස 4,350ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඊයේ (21) රජය මගින් බදු දී ඇති ප්‍රාදේශිය වැවිලි සමාගම්වල ඉහළ නිලධාරීන් සමග වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකදී.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදවාගැනීම රජයේ අරමුණ වී ඇති බවයි.

මීට පෙර වතු ජනතාවට කියා නිවාස ඉදිකර ඒවා ලබාදී තිබුණේ දේශපාලන හිතවත්කම් මත බවත්, නව රජය යටතේ මෙම නව නිවාස ලැබිය යුතුම වතු ජනතාවට පමණක් ලබාදෙන බවත් අමත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජන සංඝණනවලට අනුව මෙරට නිවාස හිමිකාරිත්වය ගත් විට ජාතික වශයෙන් එය 83.75%ක් බවත් එය වතු ආශ්‍රිතව 5.6%ක් පමණක් බවත් එයා ඉතාම අඩු තත්ත්වයක් බව සඳහන් කර සිටියා.

දිළිඳු බව අතින් ජාතික වශයෙන් 11.9% ක් වන විට වතු ආශ්‍රිතව දිළිඳු බව 29.7%ක් බවත් සඳහන් කළා.

මේ තත්ත්වය තුළ වතු ජනතාව දිළිඳු බවින් මුදවා නිවාස ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබාදීම අරමුණ බවත් කියා සිටි අමාත්‍යවරයා ඉන්දීය ආධාර මත ඉදිකෙරෙන නිවාස දසදහසින් නිවාස 1300ක් ඉදිකර අවසන් බවත්, 2025 වර්ෂය අවසන් වීමට පෙර නිවාස 4,350ක් ද, 2026 වර්ශය තුළ තවත් 4,350ක් ද ඉදිකර වතු ජනතාවට එම නිවාස ලබා දෙන බවද අවධාරණය කර සිටියා.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

POPULAR ARTICLES