25 C
Colombo
Friday, February 14, 2025

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

- Advertisement -

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ආරක්ෂකයකු බව හෙළිදරව් කරමින් උතුරු මැද පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක දිසානායක මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පෙරේදා (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පැමිණි ඒ මහතා මාධ්‍යයට පැවසුවේ මෙම ඝාතනය සිදු කළ බෝම්බකරු කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සිටි උමර් හබ්තාප් නමැති මුස්ලිම් ජාතිකයා බවයි.

කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා 2001 වසරේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ඉන්දුනීසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර අනතුරුව දේශපාලනයට ප්‍රවේශ වන්නේ එවකට පැවැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදු පෙරමුණු අණ්ඩුවට එරෙහිව විපක්ෂයේ හිඳිමින්.

ඔහු උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායකයාව සිට මහ ඇමැති අපේක්ෂක ධුරය අපේක්ෂා කරමින් පළාත් සභා මැතිවරණ සටන දියත් කරන අතරතුර අනුරාධපුර ඔහුගේ මැතිවරණ කාර්යාලය තුළදී එල්ලවන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරුණා.

පැමිණිලිකරු මෙහිදී පවසා තිබුණේ,

“උතුරේ හිටපු මන්ත්‍රීවරයෙක් වන රාජා කූනේස්වර යන මන්ත්‍රීවරයා ඊ. පී. ආ.ර් එල්. එෆ්. (EPRLF) සංවිධානයේ උමර් හබ්තාප් නම් මුස්ලිම් ජාතිකයෙක් මට ගෙනත් භාර දුන්නා. මම ඔහුව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ගිහින් භාර දුන්නා. ඔහු අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ තමා හිටියේ. එතන ගොඩක් සිද්ධි සංවිධානය වුණා”

මෙම සිද්ධියට මැදවච්චිය පොලිසියේ සී.අයි විමලසිරි සම්පූර්ණයෙන්ම සහයෝගය දැක්වූවා. මෙම ඝාතනය කරලා යන වෙලාවේ උමර් හබ්තාප් ළඟ තියාගෙන එයාට තුවක්කු ලබාදීලා ආරක්ෂාව දීලා තිබුණා. මේක සම්පූර්ණයෙන්ම දිසානායක කියන ඕ.අයි.සී. තමයි කළේ. ඒවා හෙළිකරනකොට මට බොරු නඩු දැම්මා. මම දැන් ඒවගෙන් නිදොස් කොට නිදහස් වුණා.

ජානක පෙරේරා මහතාගේ සිද්ධිය වෙලාවේ උමර් හබ්තාප් මටත් කතා කළා ඒ රැස්වීමට යන්න. නමුත් මම ඒ වෙලාවේ දේශපාලනයෙන් උදව් කරා විතරයි. මම වෙනුවට මගේ මාමා කෙනෙක්ව එදා මැදවච්චිය ආසනයට දාලා තිබුණා. ඒ නිසා එදා සිද්ධියට මට මුහුණ දෙන්න වුණේ නෑ. උමර් කතා කරේ මාවත් මරන්න නමුත් බැරි වුණා. උමර් අවුරුද්දක් බන්ධනාගාරයේ ඉඳලා එළියේ හිටියා කියන්නත් මම දන්නවා. මොකද ඒ කාලයේ ළමයෙක් එයාට ඉන්නවා. අවුරුද්දක් එළියේ හිටපු බවට සාක්ෂියක් විදිහට. ඩී. එන්. ඒ. පරීක්ෂා කිරීමට හැකියාව තිබෙනවා. ඔහුට මැදවච්චිය පොලිසියෙන් තුවක්කු දීලා තිබුණා. උමර් මහාමාර්ග නේවාසිකාගාරයක තියාගෙන තමා පරීක්ෂණ කටයුතු සිදු කළේ. හරි ආකාරව පොලිසියට රැගෙන ගොස් විමර්ශන කටයුතු සිදු කළේ නැහැ”

මේ අලුත් ආණ්ඩුවෙන්වත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් බලාපොරොත්තු වන බව ද හිටපු උතුරුමැද පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...