30 C
Colombo
Friday, July 19, 2024

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අලුතින් ලැබෙන බලය

- Advertisement -

ජාතික ගමනාගමන කොමිෂන් පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාසනය ලැබී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළා.

එමෙන්ම ඔහු පවසා සිටියේ දැනට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බස් ගාස්තු සම්බන්ධයෙන් පමණක් මැදිහත් විය හැකි නමුත් පාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ සහ වෙනත් වාහන සඳහාද නියාමනයක් සිදු කිරීමට හැකිවන පරිදි පනත සංශෝධනය කර ඇති බවයි.

“අපි ඉතාම බරපතළ ලෙස පිළිගන්නවා ත්‍රීරෝද රථ විශාල මහජන සේවාවක් කරනවා. එය අවශ්‍යයෙන්ම නියාමනය කළ යුතුයි. නමුත් ඒ සඳහා අවශ්‍ය බලතල නැති නිසා මම ජාතික ගමනාගමන කොමිෂන් පනත සම්පුර්ණයෙන් සංශෝධනය කරලා… දැනට තියෙන තත්ත්වය වෙනස් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට යවලා පනත් කෙටුම්පතට නිෂ්කාසනය ලැබිලා තියෙනවා.ඒ කියන්නේ, දැනට ජාතික ගමනාගමන කොමිසමට බස් ගාස්තු සම්බන්ධයෙන් පමණයි මැදිහත් වෙන්න පුළුවන්. පාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ හා අනෙකුත් වාහන සඳහාත් ජාතික ගමනාගමන කොමිසමට නියාමනයක් කිරීමට අවසර ලැබෙන පිරිදි පනත සංශෝධනය කරලා…නිෂ්කාසන ලබාගෙන තියෙනවා. ඉතා නුදුරේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.”

මේ හරහා මීටරයක් සවි කිරීම, රිසිට් පතක් ඉල්ලා සිටියහොත් එය නිකුත් කිරීම ආදී කරුණු නිසි ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා.”

RECENT ARTICLES - SINHALA

සභාපති වෙන්න නිමල් සිරිපාලට අයිතියක් නෑ – තිලංග සුමතිපාල

අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල මහතාට නීතිමය අයිතියක් නැතැයි එක්සත් ජනතා නිදහස්...

පොළොන්නරුවට ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ” වැඩසටහන යටතේ ඉදිකරන ලද පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියරේ විවෘත කිරීමේ උත්සවය ඊයේ (18) පැවැත්වුණා. ඒ, සංචාරක,...

ගැබිනි මව්වරු සහ කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැන හෙළිදරව්වක්

පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...