30 C
Colombo
Thursday, June 8, 2023

වැරදි හදාගත් නව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත වෙයි

- Advertisement -

දැඩි කතාබහකට ලක්වූ නව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධනත්වයෙන් අද (29) පෙරවරුවේ වීවෘත කෙරුණා.

මින් ඉදිරියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතීමට මෙම ස්ථානය යොදාගන්නා බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසන්නේ.

ජනාධිපතිවරයාට මෙන්ම ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාටද සතිපතා මාධ්‍යවේදීන් හමුවීමටත් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමටත් මෙම ස්ථානය භාවිතා කිරීමට සියලු පහසුකම් සපයා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ස්ථානයේ තිබෙන අඩුපාඩුකම් රැසක් පිළිබදව මීට පෙර චෝදනා එල්ල වුණා.

ඒ එහි ඇති නාම පුවරු භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වන අයුරින් යොදාගෙන ඇති බවටයි.

කෙසේ වෙතත් අද විවෘත වූ නව ජනධිපති මාධ්‍ය කේන්ද්‍රයේ එම වැරදි කිහිපය නිවැරදි කරගෙන තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

ජනාධිපති කාර්යාලය ලෙස මුලින් සදහන් වූ කුඩා වේදිකාවේ අද දිනයේ සදහන් වූයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ලෙසයි.

මීට පෙර එහි දෙවනුවට ඉංග්‍රීසි භාෂාව යොදාගෙන තිබුණත් මේ වන විට දෙමළ භාෂාවට දෙවන තැන ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඡායාරූපයක් සහිතව භාෂා තුනෙන්ම ‘ජනාධිපති කාර්යාලය’ ලෙස සදහන්ව තිබූ පසුතලයේ භාෂා තුනම ඉවත්වී ජනාධිපති ලේකම් කාර්යාලයේ රූපයක් පමණක් ඉතිරිව තිබෙන අයුරු දක්නට ලැබෙනවා.


RECENT ARTICLES - SINHALA

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...