24 C
Colombo
Sunday, February 16, 2025

මාර්ග සංඥා පුවරුවලට අලුත් වෙනසක්

- Advertisement -

ප්‍රධාන නගරවල නවීන තාක්ෂණයෙන් යුතු මාර්ග සංඥා පුවරු ඉදිකිරීම සම්බන්ධ ව්‍යාපෘතියක් වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවධානය යොමුව ඇති බවට පුවතක් ‘දිනමිණ’ වාර්තා කරනවා.

මෙම පුවරු ඉක්මනින්ම ඉදිකිරීම මෙන්ම එම පුවරුවලට අදාළ මාර්ගයේ වායු තත්ත්වයය පිළිබඳව දත්ත ලබා ගතහැකි නවීන යන්ත්‍ර ඇතුළත් කිරීම මෙහිදී  සිදු කිරීමට නියමිතයි.

අදාළව ව්‍යාපෘතිය වායු විමෝචන අරමුදල හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහේන්පිට පිහිටි එහි ප්‍රධාන කාර්යාලය වෙත පසුගියදා නිරීක්ෂණක යෙදුණු අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණා.

එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු නිකුත් කිරීමේ අංශය නිරීක්ෂණය කිරීමේදී කොළඹ දිස්ත්‍රික්කයට අදාළ සේවාලාභින් බොහෝ  පිරිසක් තම නව අංක තහඩු නැවත රැගෙන ගොස් නොමැතිව  එම ආයතනය තුළ ගොඩ ගැසී ඇති ආකාරය එම චාරිකාවේදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

අංක තහඩුව මුද්‍රණය වී අදාල අංශය වෙත ලැබුණු පසු සේවා ලාභියාට එය දැනගත හැකි වන පරිදි sms පණිවිඩයක් සේවාලාභියාගේ  දුරකථනයට යොමු කිරීම සඳහා එහිදී සාකච්ඡා වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES