24 C
Colombo
Thursday, January 23, 2025

ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති

- Advertisement -

මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

විද්‍යාත්මකව ඒ සදහා අවශ්‍යකරන නව නීති ගෙනඒම, නීති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීම‍ට විධිමත් සැළැස්මක් සකස් කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ “ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය පිළිබඳව දැනුවත් වීමේ සතිය” (Wold Antimicrobial Resistance Awareness Week)” වෙනුවෙන් පැවැති ජනතාව දැනුම්වත් කිරීමේ පාගමනට අද (27) එක්වෙමින්.

මෙම පා ගමන කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා සංවිධානය කර තිබුණා.

පාලනයකින් තොරව ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතයෙන්, ප්‍රතිවිරෝධය ඇති වී එම ඖෂධ වල නාශක ගුණය හීන වී, රෝග වසංගත තත්ත්වයන් වලට උත්සන්න වී මනුෂ්‍ය වර්ගයා ඇතුළු ජෛව ගෝලය විනාශයට පත්විය හැකි බවට මේ වනවිට සෞඛ්‍ය අංශ අනතුරු හගවනවා.

මෙම තත්ත්වය පිළීබදව ජනතාව දැනුවත් කිරීම මෙම පාගමනේ මුලික අරමුණක් වුණා.

ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ ප්‍රමුඛතාවයක්.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES