28.4 C
Colombo
Wednesday, July 9, 2025

පොලීසියට අලුතින් SPEED GUN

- Advertisement -

ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක (SPEED GUN) උපකරණ 30 ක් රථ වාහන නිලධාරීන් වෙත ලබා දී තිබෙනවා.

ඒ, වේග සීමා නොතකමින් අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීමේ අරමුණින්.

පොලීසිය පවසන්නේ, මෙම වේග මාපක (SPEED GUN) උපකරණ ඇමරිකාවේ නිෂ්පාදිත ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතර විශේෂ රාත්‍රී රථ වාහන මෙහෙයුම් සඳහා ද භාවිතා කිරීමට හැකිවන පරිදි නිෂ්පාදනය කර ඇති බවයි.

මෙම උපකරණ බෙදාදීමේ සංකේතාත්මක වැඩසටහනක් අද (11) උදෑසන පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ අනුව මෙහි පළමු අදියර ලෙස මීගමුව, කැලණිය, ගම්පහ යන කොට්ඨාස වල කොට්ඨාස භාර නිලධාරීන් වෙත  සහ බස්නාහිර පළාත් රථ වාහන දකුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත මෙම වේග මාපක උපකරණ කට්ටල ලබා දීම සිදු කළා.

එමෙන්ම, ඉදිරියේදී දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාසයන් ආවරණය වන පරිදි රථ වාහන අංශයන් වෙත ලබා දීමට නියමිතයි.

තවද පොලිස් රථ වාහන මූලස්ථානය මඟින්  ඉදිරියේදී  රථ වාහන නිලධාරීන්ට මෙම වේග මාපක යන්ත්‍රය හැසිරවීම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමටද සැලසුම් කර තිබෙනවා.    

RECENT ARTICLES - SINHALA

ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මියගිය...

2030 දී ඩිජිටල් ආර්ථිකයක්

වසර 2030දී ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල්...

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

POPULAR ARTICLES