27 C
Colombo
Sunday, October 13, 2024

නිව්යෝර්ක්වලටත් ගං වතුර

- Advertisement -

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට ඊයේ ඇද හැලුනු අධික වර්ෂාව සමඟ හටගත් ජල ගැලීම් තත්වයෙන් නගරයේ උමං මාර්ග සහ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ මාර්ගයේ ගමන්ගත් වාහන රැසක්ම ජලයෙන් යටවීම හේතුවෙන් එම ස්ථානවලම සිරවී ඇති බවයි.

මේ හේතුවෙන් නිව්යෝර්ක් නගරයට හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර, පාසල් සහ රජයේ කාර්යාලද වසා දමා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම තත්වය හේතුවෙන් ලගාර්ඩියා ගුවන් තොටුපලේ එක් පර්යන්තයක්ද වසා දමා ඇති බවයි.

මිලිමීටර 177 ක් ඉක්මවා ඇද හැලුනු මෙම වර්ෂාව වසර ගණනකින් නිව්යෝර්ක් නගරයට ලැබුණු වැඩිම වර්ෂාපතනය බවටද වාර්තා වෙනවා.

මේ අතර, මෙම තත්වය හමුවේ  ආරක්ෂිතව සිටීමට පියවර ගන්නා ලෙසත් කිසිවිටක ගංවතුරින් යට වූ මාර්ගවල ගමන් කිරීමට උත්සාහ නොකරන ලෙසත් නිව්යෝර්ක් ආණ්ඩුකාරවරිය ජනතාව ගෙන් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාවක් අත්අඩංගුවට

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව ට පැවසෙන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර...

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අවධානම දීර්ඝ කරලා

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය 11 වැනි දින පෙරවරුවේ නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි පැය...

මහනුවරින් පාර්ලිමේන්තුවට මාලිමාවෙන් එන්න ඉන්න අය

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් පහළොස් දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව අපේක්ෂකයින් පසුගිය (11) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...

ජාතික ජනබලවේගයේ කොළඹින් තරඟ වදින පිරිස

මහමැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සදහා තරග කරන කණ්ඩායම පසුගිය (09) දින නාමයෝජනා පත්‍ර අත්සන් කරනු ලැබුවා. ඒ අනුව එම නාමයෝජනා පත්‍ර අද (11)...