29 C
Colombo
Tuesday, October 4, 2022

නවසීලන්තය අවසාන මොහොතේ පාකිස්තාන සංචාරය අතහැර දමයි

- Advertisement -

ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මුල් කර ගනිමින් පළමු එක්දින ක්‍රිකට් තරගය ආරම්භ කිරීමට මිනිත්තු කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී නවසීලන්තය සිය පාකිස්තාන තරග සංචාරය අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.

එක්දින තරග තුනකින් සහ T20 තරග පහකින් සමන්විත තරගාවලියේ පළමු එක්දින තරගය අද රාවල්පිණ්ඩිහිදී ආරම්භ වීම⁣ට නියමිතව තිබුණා.

නරඹන්නන් සඳහා අවස්ථාව ලබා නොදී තිබූ එම තරගයට සහභාගිවීමට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අද පෙරවරුවේ ද තමන් නවාතැන් ගෙන සිටින හෝටල් වලින් පිටත් ව තිබුණේ නැහැ.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ නවසීලන්ත රජය පකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජිත මට්ටම ඉහළ නැංවීම සහ නවසීලන්ත ක්‍රිකට් ආරක්ෂක උපදේශකයින්ගේ උපදෙස් මත නවසීලන්ත කණ්ඩායම තරග සංචාරය අතහැර අත්හැර දැමීමට තීරණය කළ බවයි.

නවසීලන්ත කණ්ඩායම මේ වන විට පාකිස්තානයෙන් පිටත්වීම සඳහා සූදානම් වෙමින් සිටිනවා.

කෙසේ වෙත්ත් තර්ජන සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු හෙළි කිරීම සහ පාකිස්තානයෙන් පිටත් වන නවසීලන්ත කණ්ඩායමේ ආරක්ෂක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තොරතුරු හෙළිකිරීම නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ තමන් සහ පාකිස්තාන රජය කණ්ඩායමේ ආරක්ෂාව සඳහා විධිමත් ආරක්ෂක විධිවිධාන ක්‍රියාවට නංවා ඇති බවයි.

නවසීලන්ත කණ්ඩායමේ ආරක්ෂක උපදේශකයින් පාකිස්තානය සලසා ඇති ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සෑහීමකට පත්ව සිටි බවද පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද පෙරවරුවේ පෞද්ගලිකවම නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩන් දුරකථනයෙන් අමතා ලොව හොඳම බුද්ධි අංශය තමන් සතුව බවත් කණ්ඩායමට කිසිදු ආකාරයක අනතුරක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති බවත් ඇයට දැනුම් දී තිබෙනවා

කෙසේ වෙතත් නවසිලන්ත කණ්ඩායම ඒකපාර්ශවිකව තරගාවලිය අතහැර දැමීමට තීරණය කර ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

කෝප් කමිටුවෙන් හර්ෂ ඉල්ලා අස්වෙයි

තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත්...

Breaking: සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනියෙන් ඉල්ලා අස්වෙයි

0
ස්වර්ණවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂ්‍යවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව සිය ඉල්ලා...

අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් රනිල්ගෙන් තවත් ගැසට්ටුවක්

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවට හඳුනාගත් සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...