24 C
Colombo
Thursday, January 23, 2025

පළමු තරඟයේ ජය නවසීලන්තයට

- Advertisement -

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැති පළමු 20යි 20 තරඟය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 172ක් රැස්කිරීමට සමත් වුණා.

කෙසේ නමුත් මෙහිදී නවසීලන්තයට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වුණා.

ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගළය වූ ටිම් රොබින්සන් හා රචින් රවින්ද්‍රා මුලු ලකුණ 21දී දවාගැනීමට බිනුර ප්‍රනාන්දුට හැකි වුණා.

එමෙන්ම එම ආරම්භය තවදුරටත් සාර්ථක කරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්ත ලකුණු පුවරුව 65ක් වීමේදී ඉදිරිපෙළ පිතිකරුවන් පස් දෙනෙකුම යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කටයුතු කරනු ලැබුවා.

කෙසේ නමුත් 6වන කඩුල්ලට එක් වූ මිචෙල් බ්‍රේස්වෙල් හා ඩැරිල් මිචෙල් පන්දු 60කින් ප්‍රහාරාත්මක ලකුණු 105ක සබඳතාවක් ගොඩනගා නවසීලන්ත ලකුණු පුවරුව ඔසවා තැබීමට දායක වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු (2/22), මහීෂ් තීක්ෂණ (2/29) හා වනිඳු හසරංග (2/33) කඩුලු 2 බැගින් දවාගත්තා.

ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවි රැස්කර ගත හැකි වූයේ  ලකුණු 163ක් පමණයි.

එහිදී අගනා පිතිහරඹයක නිතර වූ පැතුම් නිස්සංක පන්දු 60කට මුහුණ දෙමින් ලකුණු 90ක් රැස්කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 47ක් රැස්කළා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES