28.9 C
Colombo
Thursday, March 27, 2025

බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගැන ආරංචියක්

- Advertisement -

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එරට රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

එරට විශ්වවිද්‍යාල 03ක ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන බව අමාත්‍යංශය පෙන්වා දී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, බංග්ලාදේශයේ ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දමා තිබුණද විදේශීය සිසුන්ට එරටින් ඉවත් වන ලෙස දැනුම් දීමක් සිදුකර නොතිබීම හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන් ආරක්ෂිතව නේවාසිකාගාර තුළ රැඳී සිටින බවයි.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එම සිසුන් හමුවී පෞද්ගලිකව ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව එම විශ්වවිද්‍යාලවල පාලනාධිකාරිය සමග ද සාකච්ඡා කර තිබෙනවා.

රජයේ රැකියා කෝටා ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට බලකරමින් සිසුන් මූලික කරගත් විරෝධතා උත්සන්න වීම හේතුවෙන් මේ වන විට බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතාකරුවන් සහ පොලීසිය අතර හටගත් ගැටුම් හේතුවෙන් මේ වන විට මරණ 105ක් වාර්තා වී ඇති අතර ඊයේ (19) දිනයේ පමණක් විරෝධතාකරුවන් 52 දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග හමුදා භට කණ්ඩායම් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැඳවා ඇති නමුත් සිය විරෝධතා අඛණ්ඩව සිදුකරන බවට ශිෂ්‍ය සංගම් නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා.

විරෝධතාකරුවන් මරණයට පත්වීම සම්බන්ධයෙන් වගකීම භාර ගනිමින් අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

POPULAR ARTICLES