ගංජා සහ හෙරොයින් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතාට විශේෂඥ දැනුමක් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.
රූපවාහිනී නාලිකාවක පැවැත්වූ සකච්ඡාවකට එක් වෙමින් සනත් නිශාන්ත මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම, සනත් නිශාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටද මෙම විෂයයන් සම්බන්ධයෙන් නිමල් ලාන්සා මහතාට තරම් පුළුල් දැනුමක් නොමැති බවයි.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමටද නිමල් ලාන්සා මහතාගේ ක්‍රියා කලාපය හේතු වුණු බවට සනත් නිශාන්ත මහතා චෝදනා කරනවා.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත විශේෂ කාර්ය බළකාය විසින් නිමල් ලාන්සා මහතාගේ නිවසේ වැටලීමක්ද සිදු කර ඇති බවයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලින් නිමල් ලාන්සා ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වූ බවට චෝදනා එල්ල වූ අතර එය මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට සෘජුවම බලපෑ හේතුවක් බවද පැවසෙනවා.