නිමල් සිරිපාලට නැවතත් ඇමති පුටුව

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඔහු අද (02) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ. ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට එල්ල වූ චෝදනාවලින් ය නිමල් සිරිපාල ද සිල්වා නිදොස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව තීන්දු කර තිබුණා.