25 C
Colombo
Friday, March 29, 2024

ලංකාවට අයත් ජාත්‍යන්තර චිත්‍ර 31ක් නිරූපමා හා තිරුකුමාර් හොරකම් කරලා – නීතිඥ ශිරාල් ලක්තිලක

- Advertisement -

ආන්දෝලනයට තුඩුදී තිබෙන පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් තිරුකුමාර් නඩේසන් සහ ඔහුගේ බිරිද වන නිරූපමා රාජපක්ෂ මුදල් පමණක් නොව වටිනා චිත්‍ර පවා සොරකම් කර ඇති බවට නීති ප්‍රතිසංස්කරණ ජාතික සභාවේ සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසනවා.

ජාත්‍යන්තර වශයෙන් වටිනා ශ්‍රී ලාංකික චිත්‍ර 31 ක් පිළිබදවද පැන්ඩෝරා පත්‍රිකාවල සදහන්ව ඇති බවත් එම චිත්‍ර ස්විට්සර්ලන්තයේ චිත්‍ර සංරක්ෂණය කරන ගබඩාවක් තුළ තැන්පත් කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම කූඨ ව්‍යාපාර හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ වැදගත් හා වටිනා සංස්කෘතික භාණ්ඩ මෙරටට අහිමිව ඇත්දැයි තවමත් හෙළිවී නැති බව ශිරාල් ලක්තිලක මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ තිරුකුමාර් නඩේසන් සහ නිරූපමා රාජපක්ෂ හරහා මතුවන මෙම දූෂිත වත්කම් ඉපැයීම් තුළින් මෙරට දූෂිත ආර්ථිකය පිළිබදව මනා පිළිඹිබුවක් දැකගත හැකි බවයි.

එබැවින් වහාම මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා වැඩිදුරටත් පවසනවා.

මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් 10% ප ප්‍රතිශතයක් වාර්ෂිකව සොරකම් කරන බව මහාචාර්ය ඉන්ද්‍රරත්න මහතා වරෙක පැවසූ දෙය මේ වන විට සත්‍ය වී ඇති බවද ලක්තිලක මහතා මෙහිදී පෙන්වා දුන්නා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...