30.9 C
Colombo
Thursday, April 25, 2024

රනිල්ට එරෙහිව විශ්වාසභංගයක්..?

- Advertisement -

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් වහා ඉවත් නොවුණහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

ඒ අනුව, වහාම පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයා පියවර ගත යුතු බවයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරන බවත් අරගලයේ නිරත පිරිසට විසදුමක් ලබාදිය හැක්කේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමෙන් පමණක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා පවසනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට අග්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බවත් දයාසිරි ජයසේකර වැඩිදුරටත් සදහන් කරනවා.

මේ අතර, රනිල් වික්‍රමසිංහ ට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙස පක්ෂ නායකයින් කතානායක මහින්ද යාපා අබේවර්ධනට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ට්විටර් සටහනක් තබමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කලේ සැලසුම් කර ඇති පරිදි හෙට දිනයේද පාර්ලිමේන්තුව කැඳවීම අවිනිශ්චිත යැයි ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ඉඟි පල කළ බවයි.


RECENT ARTICLES - SINHALA

උසස් පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම විභාගය ...

Breaking: සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා....

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...