31 C
Colombo
Saturday, June 10, 2023

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය අද

- Advertisement -

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (19) හා හෙට (20) විවාදයට ගැනීමට නියමිතයි.

ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් තීරණය ගත් එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

පෙරවරු 10 සිට පස්වරු 5 යි 30 දක්වා එම විවාදය පැවැත්වෙන අතර හෙට 2වන දිනයටද විවාදය පවත්වා පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම සිදු කරනු ඇති.

මේ අතර, ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව ඒකමතිකව පරාජය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

එම සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ සහ අපේ ජනබලපක්ෂය ඇතුලු පක්ෂ රැසක නියෝජිතයින් එක්ව තිබෙනවා.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන් කොළඹ රැඳි සිටිමින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීම සඳහා උපරිම දායකත්වයක් ලබාදිය යුතු බවට සඳහන් කර තිබේ.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසා සිටියේ තෙල් මිල වැඩි කිරීම අමාත්‍යවරයෙකුගේ තනි තීරණයක් නොවීම හේතුවෙන් එම විශ්වාසභංගය ආණ්ඩු පක්ෂය විසින් පරාජය කරන බවයි.

එමෙන්ම, උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ දි නිදහස් පක්ෂය කිසිදු අවස්ථාවක විපක්ෂයට වාසිදායක වන ආකාරයේ තීන්දුවක් නොගන්නා බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

උතුරේ ඉඩම් දෙන්න වෙනම කාර්යාලයක්

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...